පියුමි හංසමාලි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වනවා. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන නිසාම ඇයව නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක්වෙනවා. දරුවෙක් සමග තනි උන මවක් විදිහට ඇය සමාජයේ නොයෙකුත් නින්දා අපහාස වලට ලක් වුවත් ඇය ඒවා පිළිබඳව වැඩිදුර සිතන්නට යන්නේ නැහැ. ඒ වගේම තමයි කියන්නට තියෙන දේ කෙලින් කතා කිරීමට තරම් ඇය පෞර්ෂවත් කාන්තාවක් ද වනවා. චන්දිමාල් ජයසිංහ වැනි රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉහළින්ම සිටින පුද්ගලයන් සමග සමීපව කටයුතු කරන ඇය වටා බොහෝ රසික රසිකාවියන් පිරිසක් එක්රොක් වී සිටිනවා.
පහුගිය කාල වකවානුව තුළදී ඇය පිළිබඳව අපට සුභ දායක ආරංචියක් දැනගන්නට ලැබුණා. ඒ තමයි ලබන වසරේ ඇය විවාහ වීමට තීරණය කර ඇති පුවතයි. ඇය මින් පෙර එක්තරා පුද්ගලයෙක් සමග වසර පහක් මුළුල්ලේ පෙම් සබඳතාවක් පැවැත්වූ වත් ඔවුන් අතර ඇතිවූ යම් යම් මත භේදාත්මක ගැටුම් නිසා එම සම්බන්ධය දිගටම පැවතුණේ නැහැ. ඉන්පසු දිගු කලක් මුළුල්ලේ තනිකඩව සිටි පියුමි නැවතත් එක්තරා පුද්ගලයෙක් සමග පෙමින් වෙලී ඇති බව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසා සිටියා. ඔහු පිළිබඳව වැඩිදුර තොරතුරු දැන්ම ප්‍රකාශ කිරීමට අකමැති බවත් ඔවුන්ගේ wedding photosම දමා එම සම්බන්ධය ගැන රසිකයන් දැනුවත් කරන බවත් එහිදී ඇය පවසා සිටියා. ඉතින් පසුගිය දිනකදී ඇය එක්තරා පැජන්ට් එකකට සහභාගි වී වේදිකාවේ ගමන් ගන්නා අතරතුර දී flying kiss එකක් දෙන වීඩියෝවක් මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ පැතිරෙනවා. ඉතින් ඒ ගැන ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස සටහනක් තබා තිබුණා.
“යන ගමන් මගෙ future hubby ව දැක්කා එයා මාව video කරනවා.එයාව දැකලා මට උම්මා එකක් දෙන්න හිතුනා. show එකක stage එකෙ යන ගමන් කියලා අමතක උනා. it’s ඔකෙ මම කරන්නෙ මට ඔනෙ දේනෙ මම වෙනස් අනිත් අයට වඩා. its me Piumi hansamali . Babe I love u sooooooooo much “
මේ විදිහට තමයි ඇය තබා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ රුවැත්තියගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.



















