ආනයන සීමාවන්ට අමතරව ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9 ක් සඳහා පැනවු විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නැංවීම ඉදිරි මාස 06ක කාලයක් සදහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
පසුගිය 10 වැනිදා සිට ආරම්භ වන පරිදි රජයේ විශේෂ වෙළද භාණ්ඩ බදුපනත යටතේ මෙලෙස බදු ඉහළ නැංවීම සිදුකර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.
2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ වන ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම පියවර ගෙන තිබෙනවා. යෝගට්, චීස්, බටර්, රටඉඳි, දොඩම්, මිදි, ඇපල් ඇතුළු අනෙකුත් පලතුරුවල බදු ඒ අනුව ඉහල යනු ඇති.
පසුගියදා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් ආනයනය කිරීමට සීමා පැනවූ අතර, ආනයනික පලතුරු ද ඊට ඇතුළත් වුණා.
මේ අතර, පසුගිය මාර්තු 03 වැනිදා 2017 අංක 48 දරණ විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් නියමකර තිබෙනවා.
මැකරල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 600ක්, කවුපි කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 200ක් සහ කුරක්කන් කිලෝග්‍රෑමයකට රුපියල් 70 ක ආනයනික බදු ඒ අනුව පැනවෙනු ඇති.
Source:Hirunews



















