BREAKING NEWS
Search

රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ මගී ගුවන්යානා ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවයි

159

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ද හෙට (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව ඊයේ (10) නිවේදනය කළේය.

මීට අමතරව මැලේසියාව හා මාලදිවයිනය ද මෙරට මගී ගුවන් යානා ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ අතර විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා මගීන් 75 දෙනෙකුට පමණක් සීමා කිරිමට ශ්‍රී ලංකා රජය පසුගියදා තීරණය කර තිබුණි.

Adaderana.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *