ලස්සන කටහඬක් කියන්නෙ ගෑණු ළමයෙක්ට ආභරණයක්.. ඒකෙනුත් තරු කටහඬක් තියෙනව කියන්නෙ ඒක වාසනාව.. අද අපි කතා කරන්නෙ පැහැදිලි ලස්සන කටහඬක් තියෙන තරු මාවතේ ගමන් කරන තාරකාවක් ගැන.. ඇය නමින් නිර්මාණී ශාලිත්‍යා.. ඇය මේ වන විට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ අවසන් තරඟකරුවන් දහ අට දෙනා අතර ඉන්නවා..
වසර 1996-07-26 වන දින කෑගල්ලේදී උපත ලබන නිර්මාණි මේ වන විට කොළඹ සරසවියේ උසස් අධ්‍යාපනය ලබනවා.. එහෙත් ඇය පැමිණි මාවත රෝස මල් යහනාවක් නම් නොවේ.. එහෙත් මොන භාධක කරදර ආවත් ඇය සිනාමුසු මුහුණින්. එයයි ඇයගේ විශේෂත්වය.. ජේ සුනිල් සහ එච් සෝමාවතී යන දෙමාපියන්ට දාව උප්පත්තිය ලබන ඇයට සිටින එකම සහෝදරිය වන්නේ ඇගේ නැගනිය පමණි.. ඒ සයුරි දිව්‍යාංජලී..
01.

02.

කෑගල්ල දිස්ත්‍රීක්කයේ සුන්දර දීවෙල ගම්මානය තමයි ඇගේ උපන් ගම. ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ පහ වසර දක්වා දීවෙල මහා විද්‍යාලයෙන්.. ඇය හය වසර සිට උසස් පෙළ දක්වා කෑගල්ලේ දීප්තිමත් පාසලක් වන හෙට්ටිමුල්ල බණ්ඩාරණායක ජාතික පාසැලෙන් ද්ව්තීය අධ්‍යාපනය ලබනවා.. අපොස උසස් පෙළ කඩයිමට ඇය ප්‍රථමව තෝරාගන්නේ ජීව විද්‍යා අංශයයි. පලමු වරට ඇය ජීව විද්‍යා අංශයෙන් 2015 වසරේදී උසස්පෙළ විභාගයට මුහුණදුන්නත් එයින් අසමත් වනවා.. ඉන් අනතුරුව 2016 වසරේදීත් දෙවෙනි වර සඳහා සූදානම් වුවත් එය අත්හැර දමනවා.. ඉන් අනතුරුව මාස හයක පමණ කෙටි කාලයකින් සූදානම්ව කළා අංශයෙන් උසස්පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව ඇය දිස්ත්‍රීක්කයේ 34 වන ස්ථානය ලබාගනිමින් සරසවි වරම් ලබනවා.. අසමත්වීම් වලට හොඳම පිළියම උත්සාහයෙන් සමත්වීමම බව ඇය ලෝකයට ආදර්ශයක්..
03.

04.

ඇය සංගීත අධ්‍යාපනය ලබන්නේ සාමාන්‍යපෙල දක්වා පමණයි.. එහෙත් ඇය පාසැලේ දීම ඇගේ පලමු ඉදිරිපත් කිරීම කරනවා ඒ ඒඩ්ස් මර්ධනය වෙනුවෙන් ගීතයක් තිළිණ කරමින්.. නිර්මාණි උසස් පෙළ විභාගයෙන් පසුව සරසවි වරම් ලබනතුරු කෑගල්ල පොත් හළක සහ කෑගල්ල පොලිටෙක්ස් ගාමන්ට් එකේ මෙන්ම පොල්ගහවෙල ඇල්ෆා ගාමන්ට් එකේ සේවය කරනවා.. ඒ තවදුරටත් දෙමාපියන්ට බරක් වෙන්න ඇති අකමැත්ත සහ සහෝදරියගේ අධ්‍යාපන වියදම් පියවා ගැනීම නිසාමයි.. කොහොමත් කතාවක් තියෙනවනෙ ගෙදර අක්කා කියන්නෙ දෙවෙනි අම්මා වගේ තමයි.. ඇයත් ඇගේ යුතුකම් කොටස හරියටම ඉටු කරපු කෙනෙක්.
මේ වනවිට ඇය කොළඹ සරසවියේ කළා පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. ඒ අතරතුර ඇය දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය සඳහා අයදුම් කරනවා.. මූලික හඬ පරීක්ෂණයෙන් සමත්ව තරඟ වට කිහිපයකින් පසුව ඇය අවසන් හතලිස් අට දෙනාගේ වටයට පිවිසෙනවා.. ඉන් අනතුරුව ඇයට ප්‍රේක්ෂක ආශිර්වාදය නම් නොමදව ලැබෙනවා.. දෙමළ සහ හින්දි ගීත ගායනා කිරීමේ සුවිශේෂ හැකියාවක් ඇති නිර්මාණි ඕනම ආකාරයක ගීත ගායනා කල හැකි තරඟකාරියක්..
05.

06.

නිර්මාණි කියන්නෙ ඕනම කෙනෙක් එක්ක සුහදව හිනා වෙලා ඉන්න පුළුවන් කෙනෙක්.. වැඩදුර සංගීත අධ්‍යාපනයක් පවා නොලබා ඇය කරන මේ ස්වර වැයීම නම් හරිම පුදුමයි..එය ඇය උප්පත්තියෙන් ගෙනෙන සුවිශේෂ දක්ෂතාවයක්.. ඩ්‍රීම්ස්ටාර් තරු මාවතේ හැකි ඉහල තැනට යන්නයි ඇගේ බලාපොරොත්තුව.. එපමණක් නොව මෙරට සංගිත අවකාශයේ නොමැකෙන ගීත රාශියක් දායාද කිරීමට ඇයට වරම් ලැබේවා.. නිර්මාණි ඔබට සුභ අනාගතයක් වේවා..



















