BREAKING NEWS
Search

ඉන්දියානුවන් මෙරටදී නිරෝධායනයට ?

323

ඉන්දියානු ජාතිකයන් මෙරටට ගෙන්වා මෙරටදී නිරෝධායනය කර විදෙස් රට වලට යැවීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අනාවරණය කර සිටියි.

මේ වන විට ඇතැම් රටවල් ඉන්දියාව සමග ගුවන් ගමන් සීමා කර ඇති අතර සෞදිය, සිංගප්පූරුව වැනි රටවල රැකියාවන් සඳහා යන ඉන්දියානුවන් වෙනත් රටක දී නිරෝධායනය වී පැමිණීම අනිවාර්ය කර ඇත. මෙම අවස්ථාව හඳුනාගත් ව්‍යාපාරිකයන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් මෙලෙස මෙය ව්‍යාපාරයක් කිරීමට උත්සාහ කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මීට ප්‍රතිචාර දක්වමින් සිවිල් ගුවන් සේවය පවසන්නේ නිරෝධායනය යනුවෙන් විශේෂ පහසුකමක් ලබා දී නොමැති බවයි.

මෙම සිද්ධිය පිළිබඳව අද (27) දිනයේ රාජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සංගමය සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *