යාපනය, කෝපායි, උරුම්පිරාය මංසන්දියේදී යුද හමුදා ට්‍රක් රථයක් හා වැලි ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරෙන් 15දෙනෙකු තුවාල ලබා ඇත.
කෝපායි පොලීසිය පැවසුවේ අද (26) අළුයම මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් යුද හමුදා ට්‍රක් රථයේ ගමන්ගත් සෙබළුන් 12දෙනෙකු ඇතුළු 15දෙනෙකු මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
කෝපායි හයවන සංඥා බළකායේ නිවාඩු යන යුදහමුදා සෙබළුන් පිරිසක් ට්‍රක් රථයකින් රැගෙන යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.
සෙබළුන් 12දෙනා ඇතුළුව ටිපර් රථයේ රියැදුරු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.



















