BREAKING NEWS
Search

අටමස්ථානය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතව තිබූ පෝ දා වැඩසටහන් අත්හිටුවා තිබේ

189

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කේන්ද්‍රකොට අටමස්ථානය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතව තිබූ පෝ දා වැඩසටහන් අත්හිටුවා තිබේ.

මේ වන විට රටේ උද්ගත වී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර අටමස්ථානාධිපති හිමියන් සඳහන් කළේ, හෙට (අප්‍රේල් 24), අනිද්දා සහ පෝය දිනයේ සෙනග සීමා කිරීමට ද ඒ හේතුවෙන් තීරණය කර ඇති බවය.

ඒ අනුව, තම නිවෙස්වලදී ම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන ලෙස උන්වහන්සේ මහ ජනතාවගෙන් ඉල්ලා සිටිති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *