Latest Articles
Search

මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුතු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට

977

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ (32) ඊයේ රාත්‍රියේ වැලිකඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Advertisement

මිට ටික වේලාවකට පෙර ඔහුව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රිය අනතුරක් කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනා යටතේයි.

Advertisement

ඊයේ රාත්‍රීයේ 10.45ට පමණ රඛිත රාජපක්ෂ පැමිණි ජීප් රථය විරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක් සමග ගැටි තිබෙනවා.

Advertisement

මේ අනතුරෙන් කාර් රථයේ සිටි සිව් දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් අතර සිටි ගැබිණි කාන්තාවක් කොළඹ ජාතික රොහලේ, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

Advertisement

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, අනතුර සිදු වන අවස්ථාවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්, රඛිත රාජපක්ෂ බීමතින් සිටියා දැයි සොයා බැලීම සඳහා ලේ සාම්පලයක් ලබාගත් බවයි.

Advertisement

අනතුර සිදුවීමෙන් පසු රඛිත රාජපක්ෂ රාත්‍රී 11.20ට කොළඹ, ගාලු පාරේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇත්තේ, හිසේ සිදු වූ සුළු තුවාලයක් ද සමඟයි.

Advertisement

වැලිකඩ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *