BREAKING NEWS
Search

කඩා දැමූ යාපන සරසවියේ යුද ස්මාරකය යළි හදයි

359

ඉකුත් ජනවාරි මාසයේදී කඩා බිද දැමූ යාපන සරසවියේ පිහිටි යුද ස්මාරකය යළිත් වතාවක් ඉදිකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ස්මාරකය 23 වැනි දින විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

පසුගිය ජනවාරි මාසයේදී යාපන විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් මෙම ස්මාරකය ඉවත් කිරීමට පියවර ගත් අතර පසුව යාපන සරසවි සිසුන් ඊට විරෝධය පළකරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබිණ.

ඉන් අනතුරව යළිත් වතාවක් එම ස්මාරකය ඉදිකිරීම සදහා උපකුලපතිවරයා විසින්ම මුල්ගල් තැබීමෙන් පසු උපවාසය අත්හැර දැමීමට සිසුන් පියවර ගෙන තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *