Latest Articles
Search

සෞදියේ නිදි කුමාරයා

561

2005 වසරේ සිදු වු අනතුරක් හේතුවෙන් කොමා තත්වයෙන් පසුවන සෞදි රජ කුමරුවන්ගෙන් කෙනෙකි මේ අල් වලීඩ් කුමරු.ගොඩක් දුරට සෞදි අරාබියේ sleeping prince යන නමින් තමයි මේ කුමාරයා ජනප්‍රිය.කොමා තත්වය නිසා අවුරුදු 15ක් මේ කුමාරයා එකදිගට කිසිම ප්‍රතිචාරයක් නැතුව උපකරණ මගින් තමයි මේ කුමරු ජීවත් වන්නේ.මෙය කිසිම තේරුමක් නැති ක්‍රියාවක් නිසා 2015දී කුමරුන්ට සම්බන්ධ කරපු උපකරණ විසන්ධි කිරිමට doctorsලා තීරණය කරනවා.නමුත් කුමරුන්ගේ පියා මේකට අකමැති වන්නේ යම් දිනක් මේ කුමරු හාස්කමකින් හෝ මේ නින්දෙන් අවදි වේ යැයි බලාපොරොත්තුවෙන්.2020 අවුරුද්දේදී හැමෝටම සුභ ආරංචියක් ඇසිමට ලැබුනේ හරියටම අවුරුදු 15කට පස්සේ කුමරු ඇගිලි දෙකක් චලනය කරන බවයි.ඉතින් කිසිම ප්‍රතිචාරයක් නැතුව මල කදක් වගේ හිටපු කුමරු මෙසේ යම් හෝ ප්‍රතිචාරයක් දැක්වීමෙන් පෙනි යන්නේ කවදාක හෝ කුමරු මේ දීර්ඝ නින්දෙන් අවදී වෙන බවයි.යම් දිනක කුමරු මේ දීර්ඝ නින්දෙන් අවදි වෙලා මේ ලෝකයට වුන දේවල්,ලබපු දියුනුව,වෙනස් වුන දේවල් දැක කෙතරම් පුදුම වේවිද??

Advertisement

Advertisement

කුමරු අනතුරට ලක් වන විට ඔහු කුඩා දරුවෙක්.නමුත් ඔහු මේ ගෙවන්නේ ඔහුගේ දීර්ඝ නින්දේ 16 වන අවුරුද්ද.කුමරුන්ගේ මනස තාම අර පොඩි ලමයාගේ මනසමද? ඔහු දැන් තරුනයෙක්.සමාජ මාධ්‍ය වලට නිකුත් වුන වීඩියෝ එකක ඔහු ප්‍රතිචාර දක්වන විදිය දක්නට ලැබෙනවා.එහිදී කුමරු දකුණු අතේ ඇගිලි දෙකක් චලනය කරනවා.

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *