Latest Articles
Search

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි

252

දෙවන වාරය සඳහා දිවයින පුරා සියලු පාසල් අද (19) සිට ආරම්භ වනවා.

Advertisement

පළමු පාසල්වාරය සඳහා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසින්ම දෙවන පාසල් වාරය සඳහා ද ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

Advertisement

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කළ ද අද (19) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා එකවර පාසල් විවෘත කරනු ලබන්නේ වසරකට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්.

Advertisement

කෙසේ වෙතත් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් සඳහා ළමුන් ගෙන්වා ගැනීම තවදුරටත් කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Advertisement

ඒ අනුව පසුගිය වාරය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අදාළව සිසුන් 15ක් දක්වා සිටින පංති සෑම සතියේ දිනකමත්, සිසුන් 16 – 30ත් අතර සිටින පංති කණ්ඩායම් 02කට බෙදා සතියක් හැර සතියක් සහ සිසුන් 30කට වැඩි පංති කණ්ඩායම් 03කට බෙදා සමාන දින සංඛ්‍යාවක්වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.

Advertisement

දරුවන් පාසල් සඳහා පැමිණීමේදී මුව ආවරණයක් පැළඳීම අනිවාර්යවන අතර දෑත් පිරිසිදුව තබාගැනීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටද වගබලා ගත යුතුයි.

Advertisement

කෑම පෙට්ටි, වතුර බෝතල් වැනි පෞද්ගලික උපකරණ අන් අය සමඟ එක්ව පරිහරණය නොකිරීමටත් සිසුන් වගබලා ගත යුතු වනවා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *