හැබැයි ඒ උද්යෝගය සහ සතුට නිමේෂයකින් මහා ශෝකයකට පෙරලුණේ කිසිවෙකුත් නොසිතූ අයුරින් ශ්‍රී ලාංකික නළුවෙකු රූගත කිරීම් අතරතුරදීම දිවියෙන් සමුගැනීමත් සමඟයි.
මෙම දර්ශනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ චරිතයකට පෙනී සිටීමට සූදානම් වෙමින් සිටි මාතලේ, රත්තොට පාරේ පදිංචි අලගර් කරුප්පුසාමි (බෝස්) මහතා, හදිසියේම රූගත කිරීම් අතරතුර අසනීප වී ඇද වැටී තිබෙනවා.
වහා ක්‍රියාත්මක වූ චිත්‍රපට කණ්ඩායම ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කළත්, රෝහලට ඇතුළත් කරන විටත් ඒ ආදරණීය කලාකරුවා අවසන් හුස්ම හෙළා තිබූ බවයි වාර්තා වෙන්නේ.
තමන්ගේ අලුත්ම චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කළ මොහොතේදීම සිදුවූ මේ අවාසනාවන්ත මරණය හේතුවෙන් නළු සූර්යා, අධ්‍යක්ෂ R.J. බාලාජි ඇතුළු මුළු චිත්‍රපට කණ්ඩායමම දැඩි කම්පනයට පත්වී සිටිනවා. ඩොලර් කෝටි ගණනක් වියදම් කරමින් කළ මේ දැවැන්ත රූගත කිරීම් මැද සිදුවූ මේ මරණය මුළු කලා ක්ෂේත්‍රයම ශෝකයට පත් කළ සිදුවීමක් වුණා.
කුරුඳුවත්ත පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දේහය ඥාතීන් වෙත භාර දී තිබෙනවා…















