BREAKING NEWS
Search

එකෙකුට ෂොට් එක දීලා තියෙන්නේ.. ඉතුරු එවුනුත් පරිස්සමින් ඉඳපල්ලා..- ඇමති ලාල් කාන්ත

2

තමන් අහගෙන සිට නිසි වෙලාවට ෂොට් එක” ලබා දෙන බවත්දැනටමත් එක් අයෙකුට එලෙස ලබා දී ඇති බැවින් සෙසු පිරිස ද පරිස්සමෙන් පසුවිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩීලාල් කාන්ත මහතා පවසයි.

ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ විරුද්ධවාදීන් සහ මාධ්‍ය ලෝකය ද ඇතුළුව සෑම තැනකම තමන්ට විරුද්ධ පිරිස් සිටින බවයි
 
පවතින ද්වේශ පාලනය වෙනස් කිරීම සඳහා කරුණු හතරක් පදනම් කරගනිමින් මෙම බලය ලබාගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙසේ ද පැවසීය:
අපි අහගෙන ඉඳලා ඉඳලා ඉඳලා ෂොට් එක දෙන්න ඕන වෙලාවට ෂොට් එක දෙනවාදැන් එකෙකුට දීලා තියෙන්නේඉතිරුවේ වුනුත් පරිස්සමෙන් හිටපල්ලාකියන ඒවා ඇත්ත කියපල්ලා එච්චරයිඒ ඇත්ත වලට අපි උත්තර දෙන්නම්ඒක වෙනම දෙයක්“.
 
අදාළ ආයතන සඳහා නිසි පුද්ගලයින් තෝරා පත් කළ පසු කිසිවෙකුට හෙල්ලෙන්නවත් නොලැබෙන ආකාරයට කටයුතු කරන බවත්එහිදී කිසිදු සමාවක් ලබා නොදෙන බවත් ඔහු අවධාරණය කළේය
 
අවශ්‍ය නීතිමය රාජකාරී සියල්ල අකුරටම ඉටු කරන බවත්සමාව දීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *