ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.
අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර් 4,829 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (20) උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 2,000ක් බව සඳහන්ය.
ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 370,000ක් ලෙස දැක්වුණි.
මේ අතර ඊයේ දිනයේ දී රු. 400,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 402,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
















