හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය ගමේම පට්ට හොරෙකු බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.
“විපක්ෂයට නායකත්වයකුත් නෑ, රටට නායකත්වයකුත් නෑ මේ වෙනකොට. ඔබ බොහොම පැහැදිලිව මිනිස්සු ජනවරමක් දුන්නා. අද බොහොම තේරුම් ගන්න තියෙනවා පලපුරුද්දක්, කළපුරුද්දක් කිසිවක් නැති රජයේ නිල ඇමතිවරු ටිකක් ඉන්නේ. ඒ නිසා අද සෑම අංශයකින්ම මේ ආණ්ඩුව අනාගෙන යන මොහොතක්.”
“අපිට පේන විදිහට දැන් ඉන්නේ මේ රටේ කළපුරුද්ද, දැකපුරුද්ද, පලපුරුද්ද තියෙන නායකයෝ විදිහට නාමල් රාජපක්ෂ මැතිතුමා විතරයි. අපි ඉදිරියේදී අපි විශ්වාස කරනවා එතුමත් එක්ක ඒ ගමන අපි යනවා.”
“හොරකම වහගන්න බෑ ඉල්ලා අස්වෙලා. අපි දන්නවා ඔහු පට්ට හොරා කියන එක. මොකද අනුර කුමාර පත් කළෙත් ගිණිකොනත් පෝර සංස්ථාවේ අපි දන්නවා. මොකද අපිත් ඒ ගමේ හිටපු පට්ට හොරෙක්ව තමයි මේ විදුලිබල ශක්ති ඇමති විදිහට පත් කළේ. මොකද ඒ කාලේ හොඳම ටෙන්ඩර් යන්නේ පෝර සමාගම් වල. ඒකෙනුත් හොරකම් කරා. දැන් තියෙන හොඳම බලශක්තිය තමයි හොඳම ටෙන්ඩර් යන්නේ. ඒකෙනුත් ඔහු හොරකම් කරලා තියෙනවා. කෙලින්ම කියනවා ‘හොරා’ කියලා. කියන්නේ මේ අයින් වෙලා මේකෙන් ඒ ගල්අඟුරු වංචාවෙන්, තෙල් වංචාවෙන් ඒගොල්ලොන්ට අයින් වෙන්න බෑ.”
















