මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසයි.
මෙම ගිනිතැබීමෙන් මියගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමග හි නිවසක කුලී පදනම මත පචිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වන 16 හැවිරිදි දැරියකි.
අපරාධයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ එම දැරියගේ පියා හා නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමටද පියවර ගෙන තිබේ.බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි නිවසේ හිමිකරු ද ජීවිතක්ෂයට පත්ව තිබේ
ඊයේ (18) දින මෙම සිදුවීම සිදුව ඇති අතර අසල්වැසියන් වහා මැදිහත්ව ගින්න නිවා දමා පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක් තුළ මියගිය කාන්තාව සහ ඇගේ දියණියගේ මළ සිරුරු හමුවී ඇත.
අපරාධය සිදුවූ ස්ථානයේ පෙට්‍රල් ගඳ වහනය වි ඇති අතර විමර්ශනයේදි මෙය නිවසට ගිනිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
පොලීසිය පැවසුවේ මෙම ගිනි තැබීම මෙම නිවසේ හිමිකරු විසින් සිදුකර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බවය.
















