BREAKING NEWS
Search

ඉහල ගිය රන් මිල

105

ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල අද (18) දින ඉහළ යාමක් වාර්තා වී ඇති බව වාර්තා වේ.

රන් අවුන්සයක මිල ඩොලර් 4,831 ක් ලෙස වාර්තා වූ අතර රිදී අවුන්සයක මිල ඩොලර් 80 කට අලෙවි විය.

මෙම තත්ත්වය යටතේ, අද (18) දින ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය වාර්තා කර ඇත.

ඊයේ දිනයට සාපේක්ෂව රන් මිල රුපියල් 2,000 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, වර්තමාන රන් මිල අනුව, කැරට් 24 රන් පවුමකට රුපියල් 402,000 කට අලෙවි වේ. කැරට් 22 රන් පවුමකට රුපියල් 370,000 කට අලෙවි වේ. සිදු කෙරේ මේ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 50,250 ක් වන අතර කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 46,250 කි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *