කළුතර බණ්ඩාරගම මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බණ්ඩාරගම දෙසට ධාවන වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පසුපැදිකරු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොරොන්තුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




















