BREAKING NEWS
Search

තව අවුරුදු දෙසීයක් ඇයව ජීවත් කරවන්න ඒ ඇති – නිළි රැජිණ වෙනුවෙන් ලකී ඩයස් කළ ඒ ආවේගශීලී ඉල්ලීම

2
කලා ලෝකයේ ඉන්න ප්‍රවීණ වගේම සෘජු අදහස් ප්‍රකාශ කරන රංගන ශිල්පියෙක් තමයි ලකී ඩයස්.
ඔහු සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ නිතර දකින්නට ලැබෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මෑතකදී ඔහු සිය මුහුණුපොතට එකතු කළ සටහනක් හැමෝම අතර කතා වෙනවා…ඒ අපේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රතිරූපයට හානි කරන්නට මාන බලන පිරිසක් ගැන ඔහු මෙන්න මේ විදියට කියනවා…
“මම සාමාන්‍යයෙන් Social Media ඇතුලෙ දකින්නට නැති, දඟලන්නේ නැති කෙනෙක්. ඒත් මේක පෝස්ට් කරන්නේ, අපේ ආත්මාර්ථකාමී, ගොන් රැල, මෙරට වටිනාම රංග ශිල්පිණිය වූ ඇයට කරන්න යන විනාසය පෙනෙන මානයේ තිබෙන නිසාය. පුළුවන් නම් වළක්වා ගැනීමටය.

දැනටමත් වටිනාම දෙතුන් දෙනෙක්ගේ ජීවිත, එවැනි ඉරණම් වලට ලක්ව ඇති බවත් ආරංචියි. පුළුවන් අය, විශේෂයෙන් පවුලේ අය, මැදිහත්වී ඇයගේ ප්‍රතිරූපයට වන්නට යන විනාසය වළක්වන්න.

තව අවුරුදු දෙසීයක් වුණත් ඇයව ජීවත් කරවීමට ඇය රඟපෑ සිය ගණනක් වූ නිර්මාණ හොඳටම ඇති. ඇයට ජීවිත කතා අනවශ්‍යයි. Biopic අනවශ්‍යයි.

“ඇයට ජීවිත කතා අනවශ්‍යයි!” – නිළි රැජිණ වෙනුවෙන් ලකී ඩයස් කළ ඒ ආවේගශීලී ඉල්ලීම!

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *