BREAKING NEWS
Search

බාල ගල් අගුරු නැවට පටවන්නේ විපක්‍ෂයදැයි සැකයි..- බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

8

ඇණවුම් කරන ලද ගල් අගුරු නැව තවමත් පටවා හෝ නොමැති පසුබිමකඑහි අඩංගු වන්නේ බාල ගල් අගුරු බවට විපක්ෂය සිදුකරන ප්‍රකාශ පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේදැයි තමන්ට සැකයක් මතු වන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

ප්‍රසම්පාදනය ගැන විපක්ෂ නායකතුමා කතා කරනවාතවම නැව පටවලා ආවෙත් නැහැනමුත් එතුමා කියනවා ඒකෙත් තියෙන්නේ බාල ගල් අගුරු කියලානැව පටවන්නත් කලින් මේක බාලයි කියන්න තරම් මේගොල්ලෝ කොහොමද දැනුවත් වුණේමට සැකයක් ඇති වෙනවා මේ කුමන්ත්‍රණකාරී විදිහට මේවට බඩු පටවන්නේ මේගොල්ලොමද කියලා

මෙම තත්ත්වය බරපතල කරුණක් බවත්නැව පටවා අවසන් වීමටත් ප්‍රථම එහි ප්‍රමිතිය ගැන විපක්ෂය පවසන කරුණු පිළිබඳව රජය විදිහට පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ගල් අගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සැපයුම්කරුවන් සුදුසුකම් ලබන්නේ නිශ්චිත කොන්දේසි මත බවත්ජාත්‍යන්තර වෙළෙඳ නීති රීති වලට අනුව කටයුතු සිදුවන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

යම් හෙයකින් සැපයුම්කරු අතින් අඩුපාඩුවක් සිදු වුවහොත්අදාළ නීතිමය තත්ත්වයන් යටතේ නඩු පවරා හෝ එම අලාභය අය කර ගැනීමට කටයුතු කරනවා මිස එය ජනතාව මත පටවන්නේ නැති බව හෙතෙම පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනයේදී මෙවැනි පිරිවැයක් ඇතුළත් වී නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයාවිපක්ෂය සිදු කරන මෙම ප්‍රකාශ හරහා රටට හෝ ජනතාවට කිසිදු යහපතක් අත් නොවන බවද වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *