BREAKING NEWS
Search

අල්ලසට ලොල් වූ RMV ලොක්කන්ට වැඩ වරදින ලකුණු

9

(මනෝප්‍රිය ගුණසේකර)

වාහන ආනයනකරුවන්ට ගරාජ් අංක (සී.සී. අංකය) නිකුත් කිරීමේදී අල්ලස් වශයෙන් මුදල් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන් විසින් කර ඇතැයි කියන විවිධ අන්දමේ දුෂිත ක්‍රියාවන් හෙළි කර ගැනීම සඳහා අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණය අයථා ලෙස යොදාගනිමින් වාහන ආනයනකරුවන්ට සී.සී. අංක නිකුත් කිරීමේදී එම දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන් විසින් අල්ලස් ගැනීමේ මාර්ග විවෘත කරගනිමින් කළැයි කියන දුෂිත ක්‍රියාවන් පිළිබඳ අල්ලස් කොමිසමට ලැබුණු පැමිණීල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *