සිද්ධිය වෙන්නේ නැගෙනහිර සිඩ්නි හි මරූබ්‍රා (Maroubra) ප්‍රදේශයේදී. හදිසි මාර්ග පරීක්ෂාවකට වෝනර්ගේ රථය නතර කළ පොලිසියට අදහාගත නොහැකි දෙයක් දැකගන්නට ලැබී තිබෙනවා. ඒ, ලෝකයක් හඳුනන මේ සුපිරි තරුව බීමත්ව රිය පදවන බවට සැක කිරීමයි.
වෝනර්ව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් දෙවැනි පරීක්ෂණයක්ද පවත්වා තිබෙනවා. එහිදී වාර්තා වන අන්දමට ඔහුගේ රුධිරයේ මධ්‍යසාර සාන්ද්‍රණය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ අගයක් ගෙන තිබෙනවා. නිව් සවුත් වේල්ස් නීතියට අනුව මෙය හඳුන්වන්නේ “මධ්‍යම මට්ටමේ මධ්‍යසාර සාන්ද්‍රණය” (mid-range prescribed concentration of alcohol) ලෙසයි.
වෝනර් මේ වන විට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ කරච්චි කින්ග්ස් කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කරන බැවින්, මෙම සිදුවීම ඔහුගේ ක්‍රීඩා දිවියට කපන “හතරේ පහරක්” වේවිද යන්න ගැන දැන් බොහෝ දෙනා කතා වෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන හිටියත්, වෝනර් කියන්නේ තවමත් සමාජ මාධ්‍යවල සහ ක්‍රීඩා ලෝලීන් අතර ඉහළම ජනප්‍රියත්වයක් තියෙන චරිතයක්. ඉතින්, මේ වගේ වැඩක් නිසා තමන්ගේ ප්‍රතිරූපයට වුණු හානිය ගැන වෝනර් තවමත් නිල ප්‍රකාශයක් කර නැහැ.




















