ජාත්‍යන්තර තත්වට අපේ රටේ විපක්ෂයට තේරෙන්නේ නැති නිසා ඔවුන් අසීරු තත්වයට වැටිලා, ඔවුන් රටේ ජනතාව උසි ගන්වනවා ප්‍රභන්ධ හදමින් විකෘති කරමින් බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
මංජුල සුරවීරආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ, හැටන් ලංගම ඩිපෝවේ පැවති උත්සව කිහිපයකට සහභාගි වීමෙන් අනතුරුවය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීර ආරච්චි මහතා කියා සිටියේ,
“අපි දන්නවා රට තුල සිදු වෙලා තියන අභ්‍යන්තර ප්‍රශ්න තියනවා. ජාත්‍යන්තර ප්‍රශ්නත් මතු වෙනවා. ඒක සාමාන්‍යයි. මෙතන ඉන්න ඔබත් මමත් හැමෝම දන්නවා. අපිට පාලනය කල හැකි ඒවා තියනවා. පාලනය කල නොහැකි ඒවා තියනවා.
එතකොට මේ වෙලාවේ කවුරුත් දන්න කථාව තමයි ඇමරිකාවත්, ඉරානයත් පවතින දැඩි නොසන්සුන්තාවය, යුධමය තත්වය. දවසකට බොරතෙල් ලීටර් බිලියන5ක්, බැරල් බිලියන 5ක් නාස්තිවන යුද්ධයක් පටන් අරන් තියනවා. ඒ යුද්ධයේ බිහිසුනුකම කොහොමද කිව්වොත්, හොමෝස් නාවික ගමන් මාර්ග අවහිර වෙලා, හැම රටක්ම මේ යුද්ධයේ පැටලිලා, ඉතාමත් සංකීර්ණ තැනක තියන වෙලාවක ඊට අනුරූපීව ඉදිරියට සේවාවන් පවත්වාගෙන යැම සදහා මිල ගැළපීමේ ක්‍රමයක් පවත්වාගෙන යනවා.
එතකොට ඒකට අනුරූපීව ගෑස් කියන්නෙත් අපේ රටේ හදන එක්ක නෙවෙයි, හෝමෝස් මාර්ගය හරහා ඉන්දීය සාගරයට එන්න ඕන කොහෙන්ද? මැදපෙරදිගට එන්න ඕන ලෝකේ රටවල්. ඒකට තියන ප්‍රධාන බාධා මැද තමයි අපිට ගෑස් සැපයුම අවශ්‍ය වෙන්නේ. හැබැයි ගෑස් සැපයුම මීට පෙර ඔබ දන්නවා මේ වගේ තත්වයක් ඇති වෙලා නෙවෙයි, රට ඇතුලේ ආර්ථික අර්බුදයක් ඇවිල්ලා, ගෑස් දෙන්න බැරුව ගෑස් පෝලිම්වල මිනිස්සු මැරිච්ච යුගයක් තිබ්බා. ඒවගේමයි ගෑස් ටැංකි පුපුරලා මිනිස්සු මැරිච්ච යුගයක් තිබ්බා. අපි ඒවා සම්පූර්ණ ලෙසම පරාජය කරලා ජාත්‍යන්තර මිල ගණන් අනුව ලංකාවට ගලප්පා ගැනීමේදි මිල වැඩි විමේ ප්‍රශ්නයක් තියනවා. අපි අනුර සහෝදරයාවත්, ආණ්ඩුවවත්, ජනාධිපතිතුමාවත්, අපි ඔක්කොම එකතුවෙලා කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි.
නමුත් ඉදිරියට මේ සේවාවන් පවත්වාගෙන යන්න මිල ගැලප්පීම නොකර යන්න බැ. මිනිස්සුන්ට දරාගන්න අමාරුයි අපි දන්නවා. අපි කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි. ජාතික ජන බලවේගය කැබිනෙට්ටුවෙන් ගත්ත තීරණයක් නෙවෙයි, ඇමරිකාවයි ඉරානෙයි ගහගන්න යුද්ධය. ඒවා අධිරාජ්‍යවාදී රටවල් වල ප්‍රශ්න.
හැබැයි ඒක ඇතුලෙත් අපි සහතික කරලා තියනවා, ලංකාවේ ගෑස් සැපයුම අඛණ්ඩව දෙන්න. දැනටත් මෙට්‍රික් ටොන් 38000ක තොගයක් අපි මාලදිවයිනේ තැම්පත් කරලා තියනවා. දවස් 7කට සැරයක් ලංකාවේ අවශයතාවය වෙනුවෙන් අපි ඒක ගේනවා.
එතකොට මිල වැඩි වෙලා තියනවා ජාත්‍යන්තර ප්‍රශ්නයක් නිසා. සැපයුම අඩාල කරගෙන නෑ ජාත්‍යන්තර ප්‍රශ්න පදනම් කරගෙන. අපි කළමණාකරන කරලා තියනවා අනිවාර්යයෙන්ම මැයි මාසයේ දක්වා මේ වෙනකොට අපේ ඇනවුම අනුව ස්ථීරවම ගොඩ බාලා තියන ඒවාගෙන් ගෑස් සැපයුම අපිට දෙන්න පුළුවන්.
ඒක නිසා අපි ජනතාවට කියනවා විපක්ෂයට බොහොම අසීරුයි තමයි, ජාත්‍යන්තර තත්වයන් තේරෙන්නෙත් නෑ. අභ්‍යන්තර ඇති වෙලා තියන ප්‍රශ්න තේරෙන්නෙත් නෑ. ඔවුන් වැටිලා තියෙන්නේ බොහෝම අසීරු තැනකට. ඒ අසීරු තත්වයට තුලින් ඔවුන් ජනතාව උසි ගන්වන්න, ප්‍රභන්ධ හදමින් විකෘති කරමින්, මත පල කරමින් ජනතාව පාරට බස්සන්න උත්සහ කරමින් ඉන්නවා.
ඔබ දැක්කා පහුගිය කාලයේ තෙල් පෝලිම්වල මැද ඇවිත් ආයතන දෙකක්, මොකක්ද කරේ? වොයිස්කට් ගත්තා. ජනතාව මොකද කරේ? ජනතාව ඒවාට අදාළ ප්‍රතිචාර දක්වලා, මේ විපතකදී රටක් හැසිරෙන්න ඕන විදිහ, ආණ්ඩුවක් ජනතාවක් කොහොමද මේ ගමන සාර්ථකව යන්න ඕන කියන පාඩම උගන්වලා ඒ මාධ්‍ය ආයතන ප්‍රතික්ෂේප කරලා තියනවා. දැන් දෙවනි වටයේ ගෑස් මිල වැඩි වෙනකොටත් ඔවුන් උත්සහ කරනවා ජනතාව උසි ගන්වන්න. උසි ගන්වලා පුළුවන්ද බලනවා ආණ්ඩුව වට්ටන්න, මේක ඇතුලේ ගැටුම් හදන්න, අර්බුද හදන්න උත්සහ කරනවා.
අපි කියන්නේ, ජනතාව හොද අවබෝධයෙන් ආණ්ඩුව ජනතාව ගැන හොද අවබෝධයෙන් ඉන්නේ. ආණ්ඩුව විසින් ජනතාව ජීවත් කරවන්න අදාළ උපරිම දෙන්න පුළුවන් දේ කළමණාකරණය කරමින් ඉන්නවා මේ තත්වය ඇතුලෙත්, ඒ නිසා අපි සහතිකව කියනවා ගෑස් සැපයුම ප්‍රධාන ලිට්රෝ සහ ලාෆ් ආයතන දෙක, ජනතාවට අදාළ ගෑස් සැපයීමේ සේවාව සපයමින් ඉන්නවා.
ඔබ දන්නවා 2021-2022 ගෑස් මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 500ට තිබුණේ. දැන් 2026 අප්‍රේල් මාසේ මුල ලොක වෙළදපොලේ කීයද? ගෑස් මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 700ට පැනලා. 500, 700ට වැඩි වෙනකොට ඒක රට ඇතුලේ ගලප්පන්නේ කවුද? ඒකට මිල වැඩි වෙනවා. ජනතාවට අපි කියන්නේ, බොහෝම ප්‍රවේසමෙන් කළමණාකරණය කරගන්න ඕන මාස කිහිපය යන්නේ. තෙල් ටික මාසෙම පාවිච්චි කරන එක මාස 3ක්වත් පාවිච්චි කරන්න, විදුලිය මාසයක් පාවිච්චි කරන එක මාස 3ක් වත් පාවිච්චි කරන්න, ගෑස් මාසයක් පාවිච්චි කරන්න පුළුවන් එක අරපරිස්සමෙන් පාවිච්චි කරගෙන මේ අර්බුද අවස්ථාවේ රට පවත්වාගෙන යන්න, වැටෙන් නැතුව ආර්ථකයත් ජන ජීවිතයත් යථා තත්වට පත් කරගන්න පුළුවන් සීමාව අවබෝධ කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා තමයි අපි ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ. විපක්ෂයේ කෙදිරිලිවලට ඇහුන්කම් දෙන්න එපා. සතේකට වත් ගනන් ගන්න එපා.
ඔබ අපි ඔක්කොම දන්න කථාවක් තමයි ලංකාවේ විදුලි උත්පාදන ක්‍රියාවලියෙදි ජලය වැදගත් වෙනවා. ජලයෙන් තමයි විදුලිය 50%කට ආසන්න ප්‍රමානයක් උත්පාදනය කරන්නෙ. එතකොට කාසල්රි ජලාශය බෝල ගහන පිට්ටනියක් බවට පත් වෙලා තියනවා නම්, මධ්‍යම කදුකරයේ තියන ජලාශ ටික වේගයෙන් අඩු වෙමින් තියනවා නම්, විදුලිය උත්පාදනය කරන්න තියන 50%ක හැකියාව අඩු වෙනවා. ඒ වෙනුවට විකල්ප තියෙන්නේ මොනවාද? ඩීසල් වලින් ඒ විදුලි උත්පාදන ක්‍රියාවලියට යන්න තමයි තියෙන්නේ. යනුවෙන් පැවසීය.”




















