දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පොලොන්නරුව – මහියංගනය මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලරස්ථානය පවසනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (04) රාත්‍රී පොලොන්නරුව – මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 41 කණුව ආසන්නයේදීයි.
පොලොන්නරුව දෙසට ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අංක 149 පල්ලේගම සිරිපුර පදිංචි විහග පාලිත ජයලත් නමැති 23 හැවිරිදි තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




















