BREAKING NEWS
Search

අවසරය ලැබුණේ කාගෙන්ද….? සෙව්වන්දිගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීමේ සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට..

21
ඉෂාරා සෙව්වන්දි, මීට මාස ගණනකට ඉහතදී ඇය ගැන කතා කළේ ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධියත් සමගයි.

ඉන් පසු නැවතත් ඇය කතා මැවුවේ, විදෙස් රටකට පළාගොස් සිටියදී නැවතත් මෙරටට රැගෙන ආ අවස්ථාවේදීයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) රැඳවුම් නියෝග මත රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ උපන් දිනය වෙනුවෙන් එම කොට්ඨාසය තුළ කේක් කපා උපන්දින සැමරුමක් පැවැත්වීමට සූදානම්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

පසුගිය මාර්තු 29 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය තුළ මෙම උපන්දින සැමරුමට සුදානමක් තිබූ බවට ලද තොරතුරුක් මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි ‍ගොස් එය වළක්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් මූලස්ථානය නි‍වේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව, මෙම සැකකාරියගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීමේ සැලසුමක් ඇති බවට ලද තොරතුරු මත එය වැළැක්වීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබුණා.

එහෙත් සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පියවරක් ලෙස, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා පොලිස්පතිවරයාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබුණා.

පොලිස් නිලධාරීන් සැමවිටම සිය වෘත්තීය ආචාරධර්ම පද්ධතිය පිළිපැදිය යුතු වුවද, මෙම සිද්ධියේදී අදාළ නිලධාරීන් අවිධිමත් ලෙස සහ නීත්‍යානුකූල නොවන අයුරින් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) මඟින් ද මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන කරනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *