අවසානයේ ඔවුන්ගේ ජීවිතවලට මෙවැනි ඉරණමක් අත්වුණේ කොහොමද කියන එකම ප්‍රශ්නාර්ථයක්..
ගාල්ල, තෙලිකඩ පොලිස් වසමේ මා වඩවිල, අක්කර 13 ප්‍රදේශයේදී ඊයේ උදේ එකම පවුලේ නිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදි ඇති අතර, එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සදහන් කළේ තුවාල ලබා සිටි තවත් කාන්තාවක් රෝහල් ගත කර ඇති බවයි.
මියගිය 35 හැවිරිදි පිරිමි පුද්ගලයා තුවාල ලැබූ කාන්තාවගේ අනියම් සැමියා වන අතර මිය ගිය 73 හැවිරිදි කාන්තාව තුවාල ලැබූ කාන්තාවගේ මව වනවා.
මිය ගිය දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් වන අතර පවුල් ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතන සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය සැකකරන්නේ, මෙම අපරාධය සිදුකර ඇත්තේ මිය ගිය තැනැත්තියගේ අනෙක් දියණියගේ සැමියා වන බවයි. එම තැනැත්තිය මේ වනවිට විදෙස්ගතව සිටින බව පොලිසිය පවසනවා.
මේ වනවිට අපරාධය සිදු කළ තැනැත්තා තෙලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



















