BREAKING NEWS
Search

නොසිතූ නිමේෂයක මේ සිද්ධ වුණේ කුමක්ද..? සියල්ලන්ම ජීවිතය බේරාගන්න දිවයද්දී, බිරිඳ සමගම රැඳි ඔහු ගැන ඇසෙන ඒ ආදරණීය කතාව මෙන්න..

113
එදා ඔවුන් මේ විදිහට ඒ විනෝද චාරිකාව යන්න ඇත්තේ ගොඩක් සතුටු වෙන්න හිතාගෙන වෙන්න ඇති. ඒත් නොසිතූ නිමේෂයක මේ සිද්ධ වුණේ කුමක්ද..?
අන්න ඒ සිද්ධිය නිසා මේ ඇසුණේ වෙනස්ම විදිහක කතාවක්. ආදරය කියන එක වචනයට සීමා වුණු කාලයක මේ ඇසෙන්නේ අතිශ්‍යය ආදරණීය කතාවක් කියන්න පුළුවන්. බලන්නකෝ ඔහු තම බිරිඳ රැකගන්න මොන තරම් නම් උත්සාහ කරලා කියලා..

“ආරුක්කු 9 පාලම බලන්න විනෝද ගමනක් ආපු පිරිසක් හදිසියේම බඹරුන්ගේ දෂ්ට කිරීමකට ලක් වෙනවා. එක මොහොතකින් සියලුදෙනාම ජීවිත බේරගන්න හිස් ලූලූ අත දිව යනවා.

ඒ නඩයේම හිටියා වයසක ජෝඩුවක්. බිරිඳට බඹරුන් දෂ්ට කරද්දි, අනිත් හැමොම දුවලා යද්දි ඔහුටත් තිබුනා දුවලා යන්න. නමුත් ඔහු නෙමෙයි එහෙම කලේ.

තමන්ගේ බිරිඳව එතන දාලා යන්න ඔහුට හිත දුන්නෙ නෑ. ඔහු ඇය අසලින්ම ඉඳලා, ඇයව අල්ලාගෙන ඇය එක්කම ආවා. මේ ලෝකේ වචනවලින් ආදරේ කියන අය බොහෝයි.

හැබැයි, ක්‍රියාවෙන් ඒක පෙන්වන අය ඉතාම ටිකයි. ඒ අවස්ථාවේ උදව් කරපු පොලිස් නිළධාරීන්ටත් පුරාවිද්‍යා නිළධාරීන්ටත් ස්තුතිය.”

සාමාජමාධ්‍යයේ පළවූ සටහන් ඇසුරෙන්..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *