ඔහු මේ බව පැවසුවේ පසුගිය දා කළුතර පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා.
බාල ගල්අඟුරු ගෙනාවා කියලා ආණ්ඩුවේ ඇමැතිවරු අද පිළිගන්නවා.හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට.ආණ්ඩුවම කියනවා බඩු බාලයි කියලා හැබැයි ගෙවන්න වෙන්නේ කාටද ජනතාවට දැන් ඒක සාධාරණද.ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ළඟ චෝදනා තියෙන කවුරුත් නෑ කියලා.හැබැයි බලශක්ති ඇමතිට දැන් අධිචෝදනා ගොනු කරලා තියෙනවා. හරි නම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ ඉල්ලා අස් වෙන්න ඕනෙ.
ලැම්බෝගිනි දහ අට වගේ තමයි උගන්ඩාවෙ සල්ලි වගේ තමයි ඩොලර් බිලියන 18 වගේ තමයි එංගලන්තේ බකිංහැම් මාළිගාව වගේ තමයි අර සාක්කුවේ දාගෙන හිටපු චෙක් වගේ තමයි හැමදෙයක්ම තමන් මේ රටේ ජනතාව රවට්ටලා ජනතාව මුහුණ දීපු ආර්ථික සමාජය දේශපාලන අස්ථාරත්වය සහ අභියෝගය පාවිච්චි කළා.
ඒවා පාවිච්චි කරලා ජනතාව නොමඟ යවලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කෙරුවා ඒක වැරදි.දැන් ආණ්ඩුවටත් අවුරුදු එකහමාරක් දෙකක් වගේ වෙනවනේ තව අවුරුදු කීපයක් තියෙනවා දැන්වත් ආණ්ඩුව වැරදි හදා ගත්තොත් හොඳයි.
මේ අය කියපු බොරුවල හැටියට සැප වාහනයක යනවා කියන එක පොඩි දෙයක් හෙලිකොප්ටර්වල යන්නෙ නෑ කියලා ආපු අයනේ.ඊට වඩා ලොකු ප්‍රශ්න රටේ ජනතාවට තියෙනවා.එක පැත්තකින් බුද්ධි අංශ ප්‍රධානියා හිරේ. අද බුද්ධි අංශ දුර්වල වෙලා වෙලා තියෙනවා. මහා සංඝරත්නට කරන අසාධාරණය සංස්කෘතියට වෙන විනාශය මේ කාරණා තුළ රටට වෙන හානිය වැඩියි.ආණ්ඩුව සැප වාහනයක ගියාට කමක් නෑ රටේ බුද්ධි අංශ ශක්තිමත් කරලා මහා සංඝරත්නය ආගමික නායකයෝ ආරක්ෂා කරගැනීම තමයි කළ යුත්තේ.
කන්ටේනර් දෙක පන්නපු අයගේ ලියුම් එළියට එනකොට කවුද බලපෑම් කළේ ඇයි කියලා තහවුරු වෙයි.අපිටනේ ඇඟිල්ල දික් කරේ දැන් ඔය කන්ටේනර් දෙක පන්නපු එක කන්ටේනර් 323 පන්නපුවා සමාජයට ඇත්ත තේරුම් ගන්න කොට කවුද ඒවා පිටුපස්සේ ඉන්නේ කියලා තහවුරු වෙයි.එතකොට ඔය ප්‍රශ්නය මගෙන් අහන එකක් නෑ.උත්තරේ හම්බවෙනවා ඒකෙන්.

















