BREAKING NEWS
Search

සිද්ධිය ගැන වාර්තාවක් අවශ්‍යයි.. ඉෂාරා සෙව්වන්දිගේ උපන්දින සාදය ගැන තවත් අලුත් ආරංචියක් මෙන්න…

18
මේ කියන්න යන්නේ ඒ විශේෂ සිදුවීම ගැන අද ඇසුණු තවත් එක් අලුත් ආරංචියක්.
 ඉෂාරා වෙනුවෙන් සාද දැමුවේ කවුද..? මේ  කියන්න යන්නේ අන්න ඒ ගැනයි.

ගනේමුල්ල සංජීව නමත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන කඩිනමින් අවසන් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළා.

සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව අද අධිකරණයේ කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කළා.

සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා.

මෙම සිද්ධියට අදාලව එක් සැකකාරියක් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශයේ සහ අනෙක් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, සිද්ධියට අදාලව පහළොස්වන සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශන වල ප්‍රගතියක් අධිකරණයට දක්නට නොලබෙන බවයි.

සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් ඇය අධිකරණයට ගෙන ඒමට අවසර ඉල්ලීමක් සිදුකිරීමට තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූවා.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ රඳවා තබාගෙන සිටියට වැඩක් නැහැ විමර්ශන කරලා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

සැකකාරිය සම්බන්ධයෙන් මුල් කාලයේ තැනින් තැනට එක්කන් ගොස් සිද්ධියට අදාලව වෙනත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කිරීමෙන් අනතුරුව මේ වන තෙක් ඇය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතියක් දක්නට නොලැබෙන බවයි මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වූයේ.

එම සැකකාරීය සම්බන්ධයෙන් දෙවන දිනන අනූවක රැඳවුම් කාලය පසුවන බවත් සැකකාරී සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකාරීය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *