BREAKING NEWS
Search

මෙන්න මේ රටවල්වලට යන්න බලාගෙන ඉන්න ඔබට සුබ ආරංචියක්..

25
මේ කියන්න යන්නේ ඔබ මගබලා සිටි තවත් එක් විශේෂ ආරංචියක් වෙන්න පුළුවන්.

දන්නවාද ඔන්න දැන් තවත් රටවල් 39ක් සඳහා විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට ගාස්තු අය කිරීමකින් තොරව ඔබට ගමන් කළ හැකියි.

මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක්.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගනු ලැබූ රටවල් 39 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට ගාස්තු අය කිරීමකින් තොරව මාස 06ක කාලසීමාවක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා ආගාමික හා විගාමික පනතේ විධිවිධාන අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් නියෝග, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *