BREAKING NEWS
Search

කොණ්ඩය කපන්න ගිය 14 හැවිරිදි ලදූෂර්න්ට වුණේ මොකක්ද? වවුනියාවම කැළඹූ අභිරහස් අතුරුදන්වීම!

39
වවුනියාවේ ගණේෂපුරම් ප්‍රදේශයෙන් අතිශය කණගාටුදායක මෙන්ම අභිරහස් පුවතක් වාර්තා වෙනවා. 14 හැවිරිදි වියේ පසුවන ටී. ලදූෂර්න් නමැති පාසල් සිසුවෙකු පසුගිය 29 වනදා සිට කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන් වී තිබෙනවා.
නෙලුකුලම් කලෙයිමගල් විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම සිසුවා එදින නිවසින් පිටව ඇත්තේ කොණ්ඩය කපා ගැනීම සඳහා ගමේ පිහිටි කොණ්ඩය කපන ස්ථානයට යාමටයි.

නමුත් පැය ගණනක් ගතවීත් ඔහු යළි නිවසට නොපැමිණීම නිසා බියට පත් වූ දෙමාපියන් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු කොණ්ඩය කපන ස්ථානයටවත් ගොස් නොමැති බවයි.

තම පුතු කිසිදු ඥාති නිවසකට හෝ මිතුරෙකුගේ නිවසකට ගොස් නොමැති බවත්, ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති බවත් පවසමින් දෙමාපියන් නෙලුකුලම පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මේ වන විටත් නෙලුකුලම පොලීසිය විසින් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර, අතුරුදන් වූ සිසුවා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඔබටත් මේ දරුවා ගැන කිසියම් තොරතුරක් ලැබුණහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසට ඉල්ලීමක් කරනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *