මෙන්න ඉතින් කාලයක් තිස්සේ කාගේත් ආදර දිනාගත්ත ඇය අදත් අන්න ඒ වගේ විශේෂ සටහනක් මුහුණුපොතට එක්කරලා.
බලන්නකෝ ගැහැනියක් කියන්නේ මොන තරම් ශක්තිවන්ත චරිතයක් ද කියන එක සාරා මේ කියූ කතාවෙන් තේරෙනවා ඇති නේ. කාන්තාවකට ලැබිය යුතු නිසි වටිනාකම, ගෞරවය නිර්මාණය කරගන්න ඕන අපිමයි.
ඇය මේ කියන කතාවෙන් වඩා පැහැදිලි වෙන්නේ අන්න ඒ ගැන නේද කියලා හිතලා බලන්නකෝ.
“කවදාවත් අමතක නොවන
විදිහේ යාලුවෙක් වෙන්න..
කොන්ද කෙලින් තියන
කෙල්ලෙක් වෙන්න..
සමාජයට බය නැති තරුණියක්
වෙන්න..
හෙන ගැහුවත් දරාගන්න
පුලුවන් විදිහේ යුවතියක්
වෙන්න…
පුරුෂයෙක් හිටියත් නැතත්
ජීවිතයක් තියෙන ස්ත්‍රියක්
වෙන්න..
කාටවත් ඇඟිල්ල දික්කරන්න
බැරි කාන්තාවක් වෙන්න..
මිනිහෙකුට ලේසියෙන්
හම්බෙන්නේ නැති විදිහේ
ගැහැණියෙක් වෙන්න..
Replacement අඩු විරළ
ඝනයේ ගෞරවණීය
මනුස්සයෙක් වෙන්න..
සිල්ලර සිප්පි කටු අතරේ දුර්ලභ
මැණිකක් වෙන්න…”



















