මේ කියන්න යන්නේ හිත කම්පා වෙන, ඒ වගේම කාටත් ලේ රත් වෙන කතාවක්.
කරන්දෙණිය, බොරකන්ද පැත්තේ තමන්ගේ දුවලා දෙන්නත් එක්ක තනිවම ජීවත් වුණු 39 හැවිරිදි මවකට, පිරිමි තුන්දෙනෙක් එකතු වෙලා අමානුෂික විදිහට පහර දීලා තියෙනවා. මේ අම්මාගේ මහත්තයත් මීට කාලෙකට කලින් නැති වෙලා. ඉතින් මේ ගෑනු මනුස්සයා දුවලා දෙන්නත් එක්ක තනියමයි ගෙදර ඉඳලා තියෙන්නේ.
ඊයේ හවස 6.30 ට විතර පොලු මුගුරුත් අරන් ආපු මේ මැරයෝ තුන්දෙනා, ගෙදරට කඩා පැනලා ඒ මනුස්සයාට අමානුෂික විදිහට තලන හැටි ගෙදර තිබුණු CCTV කැමරාවල හොඳටම සටහන් වෙලා තියෙනවා. පරණ ඉඩම් ප්‍රශ්නයක් නිසා ඇතිවුණු රණ්ඩුවක් දුරදිග ගිහින් තමයි මේ දේ වෙලා තියෙන්නේ.
පහරකෑමට ලක්වුණු ඒ අසරණ අම්මා දැන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. හැබැයි පුදුමේ කියන්නේ, මේ පහරදෙන හැටි වීඩියෝ සාක්ෂිත් එක්කම පොලිසියට පැමිණිලි කරලා තිබුණත්, කරන්දෙණිය පොලිසිය මේ වෙනකම් ඒ පුද්ගලයන්ට විරුද්ධව කිසිම පියවරක් අරන් නැති එකයි.



















