මට ලස්සනට මැරෙන්න ඕනේ – අද ඇය ජිවත්වන අන්තිම දවසයි – අවසන් ගමන යන දිනයත් ඇයම තීරණය කළ තරුණියක් ගැන ඇසෙන සංවේදී කතාව

566
ස්පාඤ්ඤයේ 🇪🇸 බාර්සිලෝනා නගරයේ ජීවත් වුණු 25 හැවිරිදි නෝඑලියා කස්ටිලෝ රමෝස් අද තමන්ගේ ජීවිතය නීත්යානුකූලව අවසන් කරන්න තීරණය කරලා තියෙනවා. මේ හැමදේම පටන් ගත්තේ 2022 අවුරුද්දේ රාත්රී සමාජශාලාවකදී ඇය අවාසනාවන්ත විදිහට සමූහ දූෂණයකට ලක්වීමත් එක්කයි. මත්පැන් දීලා ඇයගේ සිහිය නැති කරලා කරපු ඒ අසික්කිත වැඩේ නිසා නෝඑලියා මානසිකව සම්පූර්ණයෙන්ම ඇද වැටුණා.
මේ සිද්ධියෙන් පස්සේ වේදනාව දරාගන්න බැරිව ගොඩනැගිල්ලක පස්වෙනි තට්ටුවෙන් පැනලා මැරෙන්න හැදුවත්, ඇය මියගියේ නැහැ. හැබැයි කොඳු ඇට පෙළට වෙච්ච බරපතල හානි නිසා ඇයගේ ශරීරයේ පහළ කොටස සදහටම පණ නැති වුණා. වසර දෙකක් තිස්සේ ඇය විඳින මේ මහා දුක දැකලා ස්පාඤ්ඤ අධිකරණය අවසානයේ ඇයට ‘ගෞරවනීය මරණයකට’ (Euthanasia) අවසර ලබා දුන්නා. පියා තමන්ගේ එකම දියණිය වෙනුවෙන් මේ තීරණයට විරුද්ධ වෙලා අවුරුදු දෙකක් අධිකරණයේ සටන් කළත්, අවසානයේ නෝඑලියාගේ තීරණයට ඉඩ දෙන්න සිද්ධ වුණා.
“මට ලස්සනට මැරෙන්න ඕනේ” කියලයි නෝඑලියා අවසන් වරට කිව්වේ. ඇය තමන්ගේ ලස්සනම ඇඳුම ඇඳලා, මේකප් කරලා, තමන්ගේ සතුටු මතකයන් තියෙන පින්තූර හතරකුත් ළඟ තියාගෙනයි මේ ගමන යන්න ලෑස්ති වෙන්නේ. අම්මා චිත්රයක් අඳින වෙලාවේ ගත්තු පින්තූරයක්, එයාගේ බල්ලාගේ පින්තූරයක් වගේ ඇයට සතුට දුන්න මතකයන් එක්ක ඇය අද හවස 5ට තනිවම මේ ලෝකෙන් සමුගනීවි. සමාජයේ තියෙන නපුරුකම් නිසා ලස්සනට පිපෙන්න තිබුණු තරුණ ජීවිතයක් මෙහෙම තීරණයක් ගන්න එක ඇත්තටම හරිම දුක හිතෙන කතාවක්.
උපුටාගැනිමකි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *