මෙම එල්නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ වැසි රටාවේ වෙනස්වීම් හා අඩුවීමක් ඇතිවිය හැකි බවත් නිරිත දිග මෝසම් වැසි ලැබෙන ලබන මැයි සිට සැප්තැම්බර් දක්වා රට තුළ උෂ්ණත්වය ඉහළ යාමේ අවදානමක් ඇතිවීමට හැකියාව පවතිනවා.
වසර අවසානය වනවිට ඒල් නිනෝ තත්ත්වයේ වෙනස්කම් තවදුරටත් ඇතිවී වැසි රටාවේ වෙනස්කම් ඇතිවිය හැකි බවත් ඒ පිළිබදව අනාවැකි සඳහා කල් වැඩි බවත් අධ්‍යක්ෂවරයා පැවසුවා.
මේ අතර ලෝක ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බරපතළ ලෙස පෘථිවියේ දේශගුණික සමතුලිතතාවය බිඳ වැටීම ඇති බව ඒක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය විසින් පුරෝකථනය කර තිබෙනවා.
මෙම වාර්තාගත අසමතුලිතාවයෙන් (Energy imbalance) ගෙවුණු වසරේදී සාගර උෂ්ණත්වය ඉහළ ගිය බවත්, පෘථිවියේ අයිස් තට්ටු දියවීයාමද අඛණ්ඩව සිදුවූ බවත්, 2026 වසර අග භාගයේදී ආරම්භවීමට නියමිත ඒල් නිනෝ ස්වාභාවික උණුසුම්වීමේ තත්ත්වය තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ යනු ඇති බවත් පුරෝකථනය කර තිබුණා.
මිනිස් ක්‍රියාකාරකම් ලෝකයේ ස්වාභාවික සමතුලිතාවය බිඳ වැටීමට බලපෑම් ඇති කර ඇති බවත් ඒහි ප්‍රති විපාක ඉදිරි වසර සිය ගණනක් පුරා අත්විඳීමට සිදුවනු ඇති බවද අනාවැකි පළ කර තිබෙනවා.
අරුණ පුවත්පත ඇසුරෙන්..



















