BREAKING NEWS
Search

ලෙනක් තුළ සමාධි සුවයෙන් වැඩසිටි හිමිනමකගේ දිවිය රුදුරු වනසතෙකු උදුරා ගත් හැටි… කවුරුත් සංවේදී කරවන ඒ පුවත මෙන්න

592
නැගෙනහිර පළාතේ කුමන ජාතික වන උද්‍යානයෙන් අද ඇසුණේ මුළු රටම භීතියට පත් කරන පුවතක්.
බඹරගස්තලාව ප්‍රදේශයේ ලෙනක් තුළ භාවනායෝගීව වැඩසිටි විදේශීය භික්ෂූන් වහන්සේ නමක් දරුණු කොටි ප්‍රහාරයකින් අපවත් වී තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ සිදුවූ මෙම බිහිසුණු අනතුර ගැන පරිසර සංරක්ෂණවේදී නයනක රන්වැල්ල මහතා පවසන්නේ ඉතාමත් කණගාටුදායක තොරතුරුයි. වනජීවී නිලධාරීන් එම ස්ථානයට යන විටත් උන්වහන්සේගේ බෙල්ල සහ පපු ප්‍රදේශය දරුණු ලෙස තුවාල වී තිබී ඇති අතර, අසලම කොටියෙකුගේ අඩි සලකුණුද දක්නට ලැබී තිබෙනවා.

වඩාත් භීතිකාමය පුවත වන්නේ, දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් බලා සිටින අතරතුර පවා, අදාළ කොටියා නැවතත් දේහය අසලටම පැමිණ ඇති බව අනාවරණය වීමයි.

වන උද්‍යානය ඇතුළත මෙලෙස භාවනා කිරීම ජීවිත අවදානමක් බවට පරිසරවේදීන් දිගින් දිගටම අනතුරු ඇඟවූවත්, තවත් ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම එම භයානක ස්ථානයේම රැඳී සිටින බවයි වාර්තා වන්නේ. මේ සිද්ධිය වන අවස්ථාවේදීත් එම ස්ථානයේ හිමිවරුන් තෙනමක් වැඩසිට ඇති බව දැනගන්නට ලැබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *