BREAKING NEWS
Search

සුප්‍රකට ක්‍රීඩකයෙකුගේ නිවසේ සිටි සේවිකාවක් සාධාරණය ඉල්ලයි.. අධික වැඩ නිසා රෝගාතුර වුණු ඇය ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න…

165
කාන්තාවකට මේ තරම් වැඩ කරන්න පුළුවන්ද..? ඇය වෘත්තියෙන් කෝකිවරියක්..

සෑම දිනකම 150කට පමණ ආහාර සකස් කරන එක ඇයගේ පුරුද්දක් වෙලා තිබුණා.

බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන නේමාර්ට එරෙහිව ඔහුගේ නිවසේ සේවය කළ ප්‍රධාන පවුලේ කෝකියා ලෙස කටයුතු කළ තැනැත්තියක් බ්‍රසීල අධිකරණයක් හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ ඇයි කියලා ඇසුවොත් ඇත්තටම ඔබ පුදුම වේවි. අධික වැඩ හේතුවෙන් තමන් දැඩි කොන්දේ අමාරුවකින් පෙළෙන බව පවසමින් ඇය යුරෝ 43,000 ක වන්දියක් මෙහිදී ඉල්ලා තිබුණා.

බ්‍රසීලයේ Metropolis පුවත් සේවය වාර්තා කරන පරිදි, රියෝ ද ජැනයිරෝ හි පිහිටි නේමාර්ගේ නිවසේදී දිනකට පුද්ගලයන් 150කට අධික පිරිසකට ආහාර පිසීමට තමන්ට සිදු වූ බව ඇය රියෝ කලාපීය කම්කරු අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

කිලෝග්‍රෑම් ගණනාවක් බරැති මස් ඇතුළු ආහාර ද්‍රව්‍ය එහා මෙහා ගෙනයාම හේතුවෙන් මෙම ශාරීරික ආබාධ ඇති වූ බව ඇයගේ චෝදනාවයි.

මේ ගැන කියනකොට ඇය ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා.

ගිවිසුමට අනුව සතියේ දිනවල උදේ 7 සිට සවස 5 දක්වා සේවය කළ යුතු වුවද, දිනකට සාමාන්‍යයෙන් පැය 16කට වඩා වැඩ කිරීමට ඇයට සිදු වී ඇති බවයි මේ මෙහෙකාරිය පවසන්නේ.

ඇතැම් දිනවල නේමාර්, ඔහුගේ මිතුරන් සහ නෑදෑ හිතමිතුරන් ඇතුළු දෙසියයකට ආසන්න පිරිසකට උදේ ආහාරයේ සිට රාත්‍රී ආහාරය දක්වා සූදානම් කිරීමට සිදු වූ බව ඇය සඳහන් කරනවා.

එසේම ගෙවා නොමැති අතිකාල දීමනා, වෛද්‍ය වියදම් සහ සේවා කාලය තුළ සිදු වූ කොන්දේ ආබාධ සඳහා වූ වන්දි මුදල් මෙහිදී ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් මෙම සිදුවීම සම්බන්ධයෙන් නේමාර්ගේ පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැති වීමත් විශේෂත්වයක්..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *