BREAKING NEWS
Search

දැන් හයර් එක පටන් ගන්නේ කීයෙන්ද? ත්‍රිරෝද රථ ගාස්තුවලට වුණු හිතාගන්න බැරි වෙනස මෙන්න.

104
ඉන්ධන ප්‍රශ්නයත් එක්ක හැමදේකම මිල ගණන් වෙනස් වෙන කාලෙක, ඔන්න අද (23) සිට ත්‍රිරෝද රථ ගාස්තුවලත් ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තමයි මේ අලුත්ම ගාස්තු සංශෝධනය ගැන නිල වශයෙන් නිවේදනය කරලා තියෙන්නේ.

මෙතෙක් කල් පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක් අය කළත්, අද සිට එය රුපියල් 110 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා. ඒ කියන්නේ දැන් හයර් එකකට ගොඩවුණු ගමන්ම රුපියල් 110 කින් තමයි මීටරය පටන් ගන්නේ.

පළමු කිලෝමීටරයෙන් පස්සේ වැඩිවන සෑම කිලෝමීටරයකටම මෙතෙක් අය කළේ රුපියල් 80 ක මුදලක්. හැබැයි අලුත් මිල සංශෝධනයත් එක්ක එය රුපියල් 90 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝද රථ රියදුරන් පත්ව ඇති අසීරුතාවය සලකා බලා මේ තීරණය ගත්තත්, සාමාන්‍ය මගී ජනතාවට නම් මේක තවත් එක් අමතර බරක්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *