මාව රවට්ටලා කළ කැත වැඩක් මේක, නෝරා ෆතේහි හෙළි කළ රහස…. ලෝකයක් බලා සිටි උණුසුම් හෙළිදරව්ව මෙන්න

107
බොලිවුඩයේ “අයිටම් ඩාන්ස්” රැජින ලෙස කිරුළු පලන් නෝරා ෆතේහි මේ වන විට ඉන්දීය සිනමාව තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
ඒ ඇය පෙනී සිටි “Sarke Chunar” නම් ගීතය ඉන්දීය පාර්ලිමේන්තුව පවා උණුසුම් කිරීමට සමත් වීමත් සමඟයි.

හින්දි සිනමා ඉතිහාසයේ නිර්මාණය වූ “අසභ්‍යම” ගීතය ලෙස විචාරකයන් හංවඩු ගසන මෙම නිර්මාණය, යූටියුබ් (YouTube) ජාලයෙන් ඉවත් කර තහනම් කිරීමට පවා ඉන්දීය රජය මේ වන විට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

නෝරා පවසන “අමුතු” කතාව මෙන්න.

තමන්ට එල්ල වන දරුණු විවේචන හමුවේ නිහඬතාව බිඳි නෝරා ෆතේහි පවසන්නේ මෙය තමන්ව රවටා සිදුකළ නිර්මාණයක් බවයි.

“මම මේ ගීතයට රංගනයෙන් දායක වුණේ මීට අවුරුදු තුනකට කලින් කන්නඩ භාෂාවෙන්. මට කන්නඩ භාෂාව තේරෙන්නේ නැහැ. නිෂ්පාදකවරු මට පෙන්නුවේ සහ කිව්වේ මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. එහි කිසිම අශෝභන දෙයක් තිබුණේ නැහැ. ඒත් දැන් මගේ අවසරයකින් තොරව මෙහි හින්දි සංස්කරණය නිකුත් කරලා.”

මීට අමතරව මෙම ගීතය ප්‍රචාරණය කිරීම සඳහා තම රූපය යොදාගනිමින් AI තාක්ෂණය හරහා අසභ්‍ය පින්තූර නිර්මාණය කර ඇති බවටද නෝරා නිෂ්පාදකවරුන්ට බරපතළ චෝදනාවක් එල්ල කරනවා. තමන්ගේ අවසරයකින් තොරව සහ තමන්ව නොමඟ යවමින් කළ මෙම ක්‍රියාව පිළිබඳව ඇය සිය දැඩි පිළිකුල සහ අමනාපය පළ කර සිටිනවා.

කොහොම වුණත් මේ සිදුවීමත් එක්ක බොලිවුඩ් සිනමාව ඇතුළේ ලොකු කුණාටුවක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක නම් නොරහසක්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *