BREAKING NEWS
Search

“බස් රථයේ අසුනේ සිට රියැ­දුරු විසි වී ගියා. මට එහා පැත්තෙ ඉස්ස­රහ ආසනේ සිටි හාමු­දු­රුවෝ නමක් අප­වත් වෙලාම මගේ ඇඟ උඩ වැටුණා..” වීරවිල බස් මාරක බස් අනතුර ගැන ඇසෙන හද සසල කළ කතාව මෙන්න..

952
ඊයේ ඇසෙන හද සසල කරන මේ කතාව නිසා බොහෝ දෙනෙක් කම්පාවට පත්වුණා.

මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන තවත් එක් වෙනස් කතාවක්.

අම්බ­ල­න්තොට – කත­ර­ගම ප්‍රධාන මාර්ගයේ වීර­විල තුරු‍ ‍සෙ­වණ මංස­න්ධි­යේදී හිමි­න­මක් සහ කාන්තා­වන් තිදෙ­නකු මර­ණ­යට පත්ක­ර­ව­මින් 37 දෙන­කුට තුවාල සිදු­ක­ර­මින් ලංගම බස් රථ ‍ දෙකක් මුහු­ණට මුහුණ ගැටී ඊයේ (18) පෙර­ව­රු­වේදී සිදුවූ අන­තු­රට මුල්වී ඇත්තේ බස් රථ දෙක අධික වේග­යෙන් ධාව­නය වීම බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇතැයි රථ­වා­හන පාලන හා මාර්ග ආර­ක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ඩබ්.පී.ජේ. සේනා­ධීර මහතා පැවසුවා.

මගී ජීවිත අව­දා­නමේ තබා අප­රි­ක්ෂා­කා­රීව අධික වේග­යෙන් රිය ධාව­නය කිරීම සම්බ­න්ධ­යෙන් බස් රථ රියැ­දු­රන් දෙදෙ­නාට එරෙ­හිව දැඩි පිය­වර ගන්නා බව නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා පැවසුවා. කොළඹ සිට කත­ර­ගම දක්වා ධාව­නය වෙමින් පැවති මොර­ටුව ඩිපෝ­වට අයත් බස් රථ­යක් සහ තිස්ස­ම­හා­රා­මය සිට කරා­පි­ටිය බලා ධාව­නය වෙමින් තිබුණු අම්බ­ල­න්තොට ඩිපෝ­වට අයත් බස් රථ­යත් මෙසේ අන­තු­රට ලක්ව තිබෙනවා.

ප්‍රධාන මාර්ගය දෙපස වී අස්වනු නෙළා අව­සන් වූ කුඹුරු යාය­කට ගිනි තැබීම හේතු­වෙන් අන­තුර සිදු වන විට ප්‍රදේ­ශය පුරා අධික දුමක් පැතිර ගොස් තිබීම හේතු­වෙන් මාර්ගය අපැ­හැ­දිලි වී තිබූ බව මෙම බස් රථ දෙකෙහි ගමන් කර­මින් සිටි මගීහු සඳ­හන් කරනවා. බස් රථ­යට බස් රථය නොපෙ­නෙන තරම් දුමා­රය පැවති බවද ඔවුහු පව­සනවා

“වීර­විල තුරු සෙවණ ප්‍රදේ­ශයේ පුරාම කළු පාට දුමින් වැහිලා තිබුණේ එක පාර­ටම හෙණ ගහන්න වගේ හඬක් ඇහුණා. බස් රථයේ අසුනේ සිට රියැ­දුරු විසි වී ගියා. මම හිටියේ දොර ළඟ අසුනේ. මට එහා පැත්තෙ ඉස්ස­රහ ආසනේ සිටි හාමු­දු­රුවෝ නමක් අප­වත් වෙලාම මගේ ඇඟ උඩ වැටුණා” යැයි කොළඹ සිට කත­ර­ගම බලා ධාව­නය වෙමින් තිබුණු මොර­ටුව ඩිපෝ­වට අයත් බස් රථයේ සිටි මගි­යකු වන සෙල්ල­ක­ත­ර­ගම පදිංචි දීගො­ඩගේ චමින්ද පුෂ්ප­කු­මාර මහතා මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් පොලී­සිය වෙත ප්‍රකා­ශ­යක් ලබා­දෙ­මින් එසේ සඳ­හන් කළේය.

අන­තු­රින් අප­වත් වූ හිමි­න­මගේ දේහය දෙබ­ර­වැව රෝහ­ලේත් මිය­ගිය කාන්තා­වන් තිදෙ­න­කුගේ සිරු­රුත් හම්බ­න්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති බව හම්බ­න්තොට මහ රෝහලේ වෛද්‍යා­ධි­කාරි අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළා.

හම්බ­න්තොට මහ රෝහල වෙත අන­තු­රට ලක් වූ පුද්ග­ල­යන් 25 දෙනකු ඇතු­ළත් කර තිබුණා. තුවා­ල­ක­රු­වන් තිදෙ­නෙක් හදිසි ප්‍රති­කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටින බවද මහ රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­රිය සඳ­හන් කළා. මිය­ගිය කාන්තා­වන්ගේ තොර­තුරු සවස් වන තුරු අනා­ව­ර­ණය වී නොති­බුණු බවද රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රිය සඳ­හන් කළා.

බස් අන­තු­රෙන් අන­තු­රට ලක් වූ තුවා­ල­ක­රු­වන් විශාල පිරි­සක් එක­වර හම්බ­න්තොට මහ රෝහල වෙත රැගෙන ඒමෙන් වෛද්‍ය කණ්ඩා­යම් හා රෝහල් සෙසු කාර්ය මණ්ඩ­ලය තුවා­ල­ක­රු­වන් සඳහා අවශ්‍ය ප්‍රති­කාර කඩි­න­මින් ලබා­දී­මට පිය­වර ගත් බවද රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළා.

හම්බ­න්තොට රෝහ­ලට ඇතු­ළ­ත්කර ඇති තුවා­ල­ක­රු­වන් අතර ඔස්ට්‍රේ­ලි­යානු ජාතික කාන්තා­වක් සිටියා. තුවා­ල­ක­රු­වන් 12 දෙනකු දෙබ­ර­වැව මූලික රෝහ­ලට ඇතු­ළත් කර ති‍බෙනවා. අන­තු­රත් සමඟ මාර්ගයේ දැඩි රථ­වා­හන තද­බ­ද­යක්ද පෙර­ව­රුවේ පැවැ­තිණි. අන­තුර සිදුවූ බස් රථ දෙක බැකෝ යන්ත්‍ර­යක් ආධා­ර­යෙන් ඉවත් කිරීම සිදු කෙරිණි. බස් රථ දෙකේම ඉදි­රි­පස කොටස් දැඩි ලෙස හානි සිදුව තිබුණා. රියැ­දු­රන් ‍ දෙදෙ­නාද තුවා­ල­ක­රු­වන් අතර සිටින බව සඳ­හන්.

“මම බයික් එකෙන් ආවේ. ඒ එන­කොට මෙතන පාර පේන්නේ නැති ගාන­ටම පාර හරහා දුම යනවා. මමත් බස් එකට පිටි පැත්තෙන් ආවේ. ඒ හරියේ පාර හොඳ­ටම පේන්නේ නැති ගානට දුම තිබුණා. පිදු­රු­ව­ලට ගිනි තියපු එකේ දුමා­රය තමා පාර හරහා ගිහින් තිබුණේ. මම බයික් එක අයින් කරලා තප්පර කීප­යක් ගියේ නෑ, ඒත් එක්කම ආව බස් එක මොකක හරි මහා ශබ්ද­යක් නඟ­මින් හැප්පුණා. මිනිස්සු කෑ ගහ­නවා ඇහුණා. ගිහින් බලද්දි බස් දෙකක් එකට හැප්පිලා තිබ්බා පාර පෙනුණේ නැති නිසයි මේ අන­තුර සිදු වුණේ.” යැයි සිද්ධිය ඇසින් දුටු යතු­රු­පැ­දි­ක­රු­වකු මෙම බිහි­සුණු අන­තුර පිළි­බ­ඳව පැව­සීය. අන­තුර සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වෙන බව වීර­විල පොලී­සිය සඳ­හන් කරනවා.

දිනමිණ පුවත්පත ඇසුරෙන්..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *