ආනයනික භාණ්ඩ මිලෙහි යම් වැඩිවීමේ ප්‍රවනතාවයක් වියහැකි බව නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා පවසයි.
අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පවතින යුදමය තත්ත්වයත් සමඟ භාණ්ඩවල මිල ඉහළ යාම වැළැක්විය නොහැකි හේතුන් ද පවතින බවය.
වර්ථමානයේ ලොව පුරා ඉන්ධන ප්‍රවාහනයට සහ බෙදා හැරීමට බලපා ඇති බාධාවන් අනුව එයින් මෙරටට බලපෑම් ඇති කිරීම මගහරවා ගැනීම සඳහා ආණ්ඩුව විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවත් ඒ අනුව අඛණ්ඩව භාණ්ඩ සැපයීම සඳහා මෙතෙක් භාණ්ඩ ආනයනය කළ රටවලට අමතරව තවත් රටවල් වලින් භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් ද කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
“පවතින යුදමය තත්ත්වය ලෝකයේ අනෙකුත් රටවලටත් බලපෑම් එල්ල කරලා තියෙනවා. ඉන්ධන සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී යම්කිසි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. දැනට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වගේ ගිහින් තියෙනවා. ඉන්ධන මිල සහ ඉන්ධන සැපයීමේ යම් යම් අඩුවක් පාඩුවක් නිසා බෙදාහැරීමේ ජලයේ යම් අඩුවීමක් තියෙන් පුළුවන් ඒ නිසා භාණ්ඩ ආනයනයේ දී මිල වැඩිවීමක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් වර්ථමාන ආණ්ඩුව මේ ගැන සැලකිලිමත් වෙමින් අඛණ්ඩව භාණ්ඩ සැපයුම් කිරීම සම්බන්ධයෙන් ආනයන කරන රටවල් මෙතෙක් කරපු රටවල් වලට අමතරව නව ආනයනය කිරීම සඳහා රටවල් සොයමින් මැදිහත් වෙමින් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා භාණ්ඩවල හිඟයක් ඇති වීමට ඇති ඉඩකඩ අඩුවෙයි කියලා අපි විශ්වාස කරනවා. යම් ප්‍රමාණයක මිල වැඩිවීමක් තියෙනවා අපිට එක වළක්වන්න බැරි සීමාවල් වල තියෙනවා ඒ නිසා මිල වැඩි වීමේ යම් ප්‍රවනතාවක් වෙන්න පුළුවන්.”

















