BREAKING NEWS
Search

කෙට්ටුවෙන්න ආසනම් ඇතිවෙන්න කන්න

254

කලබල වෙන්න දෙයක් නැහැ මෙහෙම කියන්නේ පෝෂණ විද්‍යඥයන් කණ්ඩායමක්! සිහින් සිරුරක් හිමිකරගැනීම බොහෝදෙනෙකුගේ සිහිනයක්. නිරුපිකාවන්, නිළියන් නොවුණත් සියලු දෙනාම ප්‍රසන්න පෙනුමකට කැමතියි.  කෙට්ටු වෙන්න යන බොහෝ දෙනෙකුට උරුම වන්නේ පෝෂණ ඌනතා සහ ලෙඩ දුක් වලින් පිරුණු කරදරකාර ජිවිතයක්. ඒ ආහාර පාලනය නිසා.

උදේට රජෙක් වගේ කන්න කියලා අපේ පැරණි කියමනකුත් තියෙනවා. ඒක ඇත්ත බව තහවුරු කරන, ස්ථුලතාවයට වැට බඳින තොරතුරක් ගැනයි අප මේ කතා කරන්න යන්නේ.

මේ අධ්‍යනය සිදුකල පෝෂණ වේදීන් පවසන්නේ සහමුලින්ම වෙනස් කතාවක්. ඔවුන් කියන්නේ හොඳට කන්න කියලා. උදෑසන ආහාරය සඳහා ප්‍රෝටීන් බහුල කෑම වේලක් ලබා ගතහොත් ඕනෑවටත් වඩා ආහාර ගැනීමේ පුරුද්ද මග හරවා ගත හැකි බව ඔවුන් පවසනවා. ප්‍රධාන ආහාර වේල් අතරතුරදී බොහෝ අමතර ආහාර වේල් ගැනීම බොහෝ අයගේ නරක පුරුද්දක්. ස්ථුලතාවයට සහ දියවැඩියාවට එය ප්‍රධාන හේතුවක් වනවා. නමුත් ප්‍රෝටීන බහුල දෙයක් ආහාරයට ගැනීමෙන් මේ තත්වය සමනය කල හැකි වනවා.

ඉතින් ප්‍රෝටීන් සහිත ආහාර මොනවද කියලා කල්පනා කරන්න දෙයක් නැහැ. කිරි, බිත්තර, පරිප්පු, සෝයා, බෝංචි, වියලි ධාන්‍ය, යෝගට්, චීස් වගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන, මස් මාලු, රටකජු වගේ එදිනෙදා ජීවිතයේ අපට හමුවන ප්‍රෝටීන් බහුල ආහාර වලින් ඔබේ උදේ ආහාරවේල පොහොසත් කරගන්න අමතක කරන්න එපා. මේ ලිස්ට් එක පොඩියි. අන්තර්ජාලය භාවිතා කලොත් මීට වඩා ලොකු ලිස්ට් එකක් හදා ගන්න ඔබට පුළුවන් වේවි.

පෝෂණ විද්‍යාඥයන් මෙහෙම කියන්නේ නිකම්ම නෙමෙයි. පර්යේෂණ සහ අධ්‍යනයන් වල ප්‍රතිපලයක් ලෙසට. ඒ නිසා ප්‍රෝටීන බහුල උදය ආහාරයක් ඔබේ සෞඛ්‍ය තත්ත්වය විතරක් නෙමේ පෙනුමත් සහමුලින්ම වෙනස් කරාවි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *