BREAKING NEWS
Search

මොකක්ද මේ ඇවිල්ලා තියෙන්නේ….? හික්කඩුව වෙරළෙන් ඇසෙන පුවතක් මෙන්න

626
ගාල්ල මුහුදු තීරයේ සිදුවූ බව කියන අමෙරිකානු ටෝර්පිඩෝ ප්‍රහාරයත් සමඟ අද (07) උදෑසන හික්කඩුවේ සිට සීනිගම දක්වා වෙරළ තීරයේ අමුතුම තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාවට අයත් යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් රැසක් වෙරළට ගොඩගසා ඇති බවයි වාර්තා වන්නේ.

මුළු වෙරළ තීරයම ඩීසල් සහ තෙල් පැල්ලම්වලින් වැසී ගොස් ඇති අතර දැඩි දුගඳක් හමන බව ප්‍රදේශවාසීන් පවසනවා. මුහුදේ සිටි මත්ස්‍යයින් විශාල වශයෙන් මියගොස් වෙරළට ගොඩගසා ඇති අයුරු දැකගත හැකියි.

මේ තත්ත්වය නිසා හික්කඩුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් පැමිණීම නැවතී ඇති බවයි වාර්තා වන්නේ. මේ විනාශය දෙස බලා වහාම මැදිහත් වී විසඳුමක් ලබාදෙන ලෙස වෙරළබඩ ජනතාව බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *