BREAKING NEWS
Search

එතකොට, ඉන්දියාවම කතාවුණු ඔවුන්ගේ වෙන්වීම බොරුවක්ද..? බච්චන් යුවල දෑත් පටලාගෙන එම උත්සවයට පැමිණෙයි..

45
සාදය පිළිබඳව ලොව පුරා වැඩිම අවධානයක් යොමු වූ පුවත බවට පත්වූයේ බොලිවුඩ් සුපිරි තරු දෙපළක්..

එහෙම කියූ සැනින් ඔබට මතක්වුණේ කවුද..?

ඔව් මේ කියන්න යන්නේ ඒ දෙන්නා ගැන තමයි.. අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි වසර කිහිපයකට පසු නැවතත් ඉන්දියාවේ කතා මවන යුවලක් බවට පත් වෙලා..

ක්‍රිකට් ලොවේ සුපිරි තරුවක් වන සචින් ටෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් ටෙන්ඩුල්කාර්ගේ විවාහ මංගල්‍යය ඊයේ මුම්බායි හි St. Regis හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

එම මංගල සාදය පිළිබඳව ලොව පුරා වැඩිම අවධානයක් යොමු වූ පුවත බවට පත්වූයේ බොලිවුඩ් සුපිරි තරු දෙපළක් වන අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි වසර කිහිපයකට පසු එකට පෙනී සිටීම බොහෝ දෙනා අතර කතාබහක් නිර්මාණය වෙන සිද්ධියක් වුණා.

ක්‍රිකට් සහ බොලිවුඩ් ලොවේ දැවැන්තයින් රැසක් සහභාගී වූ මෙම උත්සවයේ කාගේත් නෙත් යොමු වූ විශේෂම සිදුවීම වූයේ අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දෙපළ අත්වැල් බැඳගෙන උත්සවයට පැමිණීමයි.

පසුගිය කාලසීමාව පුරාවට ඔවුන් දෙදෙනා වෙන්වීමට යන බවට පැතිර ගිය කටකතා සියල්ල අසත්‍ය බව සනාථ කරමින් ඔවුන් ඉතා සතුටින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *