BREAKING NEWS
Search

සිසුන් බඳවා ගැනීම ඇරඹෙයි! දැන්ම අයදුම් කරන්න – සාමාන්‍ය පෙළ ලියු සිසුන්ට ලැබෙන්න සුපිරි අවස්ථාව මෙන්න

133
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය මොකක් වුණත්, දැන් ඕනෑම සිසුවෙකුට උසස් පෙළ හදාරන්න වරම් ලැබෙන සුපිරි අවස්ථාවක් ගැන තොරතුරු වාර්තා වෙනවා.
ඒ 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ “වෘත්තීය විෂය ධාරාවට” (13 Years Education) සිසුන් ඇතුළත් කරගැනීමේ නිල නිවේදනය නිකුත් වීමත් සමඟයි.

ඔව්! මේ විෂය ධාරාවට ඇතුළත් වෙන්න සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය සලකා බලන්නේ නැහැ. 2025(2026) වසරේ හෝ පසුගිය වසර 3 ඇතුළත සාමාන්‍ය පෙළ ලියපු ඕනෑම කෙනෙකුට දැන් 12 ශ්‍රේණියට ඇතුළත් වෙන්න පුළුවන්.

මේක නිකන්ම ඉගෙනීමක් නෙවෙයි. 13 ශ්‍රේණිය වෙනකොට රජයේ වෘත්තීය පුහුණු ආයතනයක් හරහා දේශීය වගේම විදේශීය පිළිගැනීමක් තියෙන NVQ Level 4 සහතිකය ලබාගන්නත් සිසුන්ට අවස්ථාව ලැබෙනවා.

පුහුණුව ලැබිය හැකි ක්ෂේත්‍ර අතර සංචාරක හා ආගන්තුක සත්කාරය ,මෝටර් රථ තාක්ෂණය ,තොරතුරු තාක්ෂණය ,රූපලාවන්‍ය හා සෞඛ්‍ය සේවා ,විදුලිය, ඉලෙක්ට්‍රොනික හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ,කෘෂිකර්මය, ක්‍රීඩා සහ තවත් ක්ෂේත්‍ර රැසක්

13 වසරක පාසල් අධ්‍යාපනය අවසන් කරන විට ඔබට ලැබෙන NVQ 4 සහතිකය හරහා උසස් අධ්‍යාපනයට වගේම, රජයේ හෝ පෞද්ගලික අංශයේ ඉහළ වැටුප් සහිත රැකියාවලට යන්නත්, තමන්ගේම ව්‍යාපාරයක් (Entrepreneurship) පටන් ගන්නත් සම්පූර්ණ අඩිතාලම වැටෙනවා.

මේ සඳහා වන අයදුම් පත්‍රය, අදාළ පාසල් ලේඛනය සහ සියලුම විස්තර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ “විශේෂ දැන්වීම්” යටතේ දැන් පළ කරලා තියෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *