(සුමිත් පොතුපිටිය )
ගමන් කරන දුම්රියට ගොඩවීමට උත්සාහ කළ තොරතුරු තාක්ෂණ පද්ධති විශේෂඥ නිලධාරියකු පය ලිස්සා දුම්රියෙන් ඇද වැටීමෙන් මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව බාලිකාව පාරේ පදිංචිව සිටි ගෝදූවගේ දොන් අනුරාධ ඉන්දික පෙරේරා නමැති තොරතුරු තාක්ෂණය පද්ධති විශේෂඥයෙකු ලෙසින් රාජකාරී කරන 42 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය පවසයි.
අද උදෑසන අලුත්ගම සිට මරදාන බලා ධාවනය වන අංක 317 දරන දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේ නවතා යලි ගමන් ආරම්භ කිරීමේදී දුම්රියට ගොඩවීමට උත්සාහ කර ඇති ඔහු පය ලිස්සා දුම්රිය පාපුවරුව යටට ඇද වැටීමෙන් දුම්රියේ ගැටී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.


















