ව්‍යාපාරිකයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සැලසුම් කරමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එම සැකකාරියන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ,ස්මාට් ජංගම දුරකථන දෙකක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් පොලිස් භාරයට ගෙන ඇත .
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මහතාගේ මග පෙන්වීම මත සහකාර පොලිස් අධිකාරී පාලන හා මෙහෙයුම් පි කුමාරදාස මහතාගේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඒ පි පදුමසිරි මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන රාජකාරී යෙදී සිටියදී ඉකුත් මස 25/26 දිනයන්හි සපුගස්කන්ද පොලිස් වසමේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සැලසුම් කරමින් සිටි අපරාධකරුවන් සම්බන්ධව ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් ද සිල්වා නිලධාරියාට ලද තොරතුරක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සංචාරය යමින් සිටියදී මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.















