BREAKING NEWS
Search

මෙවර සාමානය පෙළ විභාගය ලියු සිසුන්ට සුභ ආරංචියක්

1398

2025 (2026) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30 වන දිනෙන් පසු නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මෙම වසරේ විභාගය සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම මාර්තු 12 වන දින සිට අප්‍රේල් 10 වන දින දක්වා අදියර දෙකකින් පවත්වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඒ අනුව, පළමු අදියර මාර්තු 12 සිට 23 දක්වාත්, දෙවන අදියර අප්‍රේල් 01 සිට 10 දක්වාත් පැවැත්වීමට නියමිත බව ලියනගේ මහතා පැවසීය. 

ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 සිට 30 දක්වා පැවැත්වෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම ක්‍රියාවලිය අවසන් වූ වහාම විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය තීරණය කරන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *