මුළු ඉන්දියාවම බලා සිටි රශ්මිකා – විජේ විවාහයේ සුපිරිම පාටිය. සිනහවයි, කඳුළයි මැද ගෙවුණු ඒ අපූරු මොහොතේ විස්තර මෙන්න

139
විවාහ මංගල්‍යයක් කියන්නේ ජීවිතේ ලස්සනම හීනයක්. ඉතින් මුළු ඉන්දියාවම වගේම ලංකාවත් බලාගෙන හිටපු ඒ හීනය තවත් වර්ණවත් කරපු පුවතක් තමයි දැන් සමාජ මාධ්‍ය පුරා හොල්මන් කරන්නේ.
ඒ වෙන කාගෙවත් නෙවෙයි, කාගෙත් ආදරණීය රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩාගේ “සංගීත්” රාත්‍රියේ (Sangeeth Night) අපූරු තොරතුරුයි.

“අපි හිනා වුණේ ඇස්වලින් කඳුළු පනිනකන්.. නැටුවේ කකුල් රිදෙනකන්..” කියලා තමයි රශ්මිකා මේ සුන්දර රාත්‍රිය ගැන මතකය අවදි කරන්නේ. ඒ තරමටම ඒ රාත්‍රිය සතුටින් වගේම විනෝදයෙන් පිරිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, යාළුවන්ගේ සහ නෑදෑයන්ගේ සුබපැතුම් වගේම ඔවුන් කළ පුදුම කිරීම් මැද හැඟීම් පාලනය කරගන්න බැරුව හැමෝගෙම ඇස්වලට කඳුළු ආපු අතිශය සංවේදී මොහොතක් වුණා කියලත් අපිට දැනගන්න ලැබුණා.

මේ රාත්‍රියේ හැමෝගෙම අවධානය දිනාගත්තේ රශ්මිකා හැඩවුණු ඒ අපූරු ඇඳුමයි. ලෝක ප්‍රකට Falguni Shane Peacock නිර්මාණකරුවන්ගේ අත්ගුණයෙන් නිමවුණු ඒ ඇඳුම, හරියට “ඩ්‍රැගන්ලා” (Dragons) පවා මතු කරපු මායාකාරී නිර්මාණයක් වගෙයි ඇය පවසන්නේ. ලස්සන මිනිස්සු පිරිසක් මැද ගෙවුණු ඒ ලොකුම ලොකු හැපි පාටිය ගැන දැන් මුළු සෝෂල් මීඩියා එකේම කතා වෙනවා.

හීනමය රාත්‍රියක මතකයන් අවදි කළ ඒ සුන්දර පින්තූර පෙළ පහතින් බලන්න…


 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *