BREAKING NEWS
Search

පාකිස්තානුවන්ට වීසා දෙන්නේ නෑ: ඇමෙරිකාව

266

පාකිස්තානුවන්ට වීසා ලබා නොදීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, පසුගිය දා පාකිස්තානයේ කරච්චි නුවර ඇමෙරිකන් කොන්සල් කාර්යාලයට කලහකාරීන් කඩා වැදීමටගත් උත්සාහය සැලකිල්ලට ගනිමිනි.

පාකිස්තාන වැසියන් පිරිසක් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින්, කරච්චි නුවර ඇමෙරිකන් කොන්සල් කාර්යාලයට පහර දෙමින් ඊට කඩා වැදීමට උත්සාහ කළේ ඇමෙරිකාව ඉරානයට පහර දීමට විරෝධය පළ කරමිණි. ඒ, පසුගිය 1 වැනිදාය.

එම අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී එම විරෝධතාකරුවන්ට කොන්සල් කාර්යාලයේ සිටි ඇමෙරිකන් සෙබළුන් වෙඩි තැබූ බව ද වාර්තා වේ.
මේ වනවිට පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාලග වසා දමා ඇති බවත් පාකිස්තානුවන්ට වීසා නිකුත් කිරීම මාර්තු 6 වැනිදා තෙක් අත්හිටවූ බවත් ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකත් කළ නිවේදනයක දැක්වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *